නව ජනතා පෙරමුණ කොළඹ දිස්ත්‍රික් නායක නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් මහතා හා මහරගම ආසනයේ වත්තේගෙදර කොට්ඨාශ සංවිධායක නිරෝෂ් සෙල්ලහේවා මහතා හා පක්ෂ ක්‍රියාකාරි ප්රකාෂ් සඳරුවන් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තොරතුරු දැන ගැනීමේ පනතේ විධි විධාන ප්‍රකාරව නැවතත් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ තොරතුරු විමසමින් ලිපයක් බාරදෙන ලදී. එහිදි අදහස් දැක් වු දිනේෂ් අබේකෝන් මහතා ප්‍රකාශ කර සිටියේ,
2025 ජුලි මස 09
වන දින 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධි විධාන ප්‍රකාරව
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිළධාරි අංශය වෙත ලියාපදිංචි තැපෑලෙන් හා විද්‍යුත්
තැපෑලෙන් ලිපියක් යොමු කරන ලද බවය. එම ලිපියේ වත්මන් කතානායක ජගත් වික්‍රමරත්න මහතා භාවිතා
කරන නිල නිවාස හා එහි කාර්ය මණ්ඩල, නිල නිවාස වල පවත්වන ලද රාජ්‍ය තාන්ත්‍රික
හමුවීම්,බෝජන සංග්‍රහා පිළිබඳ විස්තර, ඒ සඳහා පාර්ලිමේන්තු සැපයුම් අංශයෙන් ආහාර
ලබා ගෙන තිබේද ? ඒ පිළිබඳ විස්තර මෙන්ම කතානායකතුමා භාවිතා කරන වාහන පිළිබඳ විස්තර
ආදිය සඳහන් කර තිබුණ බවය.
මේ වනවිට
මාස 06 පමණ කාලයක් ගතවෙලා තියෙනවා. ඒ
පිළිබඳ කිසිම තොරතුරක් මේ වනතෙක් අපිට ලැබිලා නෑ. කතානායකතුමා වාහන තුනක් භාවිතා
කරනවා. නිල නිවාස දෙකක් භාවිතා කරනවා. ඒ වගේම කතානායකතුමා පාර්ලිමේන්තුවේ සියලු
වරප්‍රසාද භාවිතා කරනවා. කිසිම වරප්‍රසාදයක් එපා කියලා බලයට පත් වුනු මේ මාලිමා
ආණ්ඩුව අද මේ කරගෙන යන්නේ ඔවුන් කියපු දෙයට ඉදුරාම පටහැනි දෙයක්. ඒ නිසා අපි අද
ආවේ නැවත වතාවක් පාර්ලිමේන්තු තොරතුරු නිළධාරින්ට මේ ලිපිය බාර දෙන්න. අපිට පේනවා
කතානායකතුමා දිගින් දිගටම මේ තොරතුරු ලබා දීම පැහැර හැරීම තුල කතානායකගේ වංචනික බාවය
.
කතානායකවරයාට
විවිධ චෝදනා එල්ල වෙලා තියෙනවා. මුළු පාර්ලිමේන්තුවම අපකීර්තියට පත් වෙලා තියෙනවා.
ඉතිහාසයේ මෙවැනි චෝදනාවට අප කීර්තියට පත් වුනු කතානායකවරයෙක් ඉදලා නෑ. මේ වනවිට
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ වැඩ තහනම් කරලා තියෙනවා. අපි කතානායකවරයා පිළිබඳව
තොරතුරු ඉල්ලා සිටියාම කතානායකවරයා විසින් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ වැඩ
තහනම් කරනවා. මේකද මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය?
නව ජනතා
පෙරමුණ විදිහට අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට අපි ලබා දීලා තියෙනවා කතානායකවරයා
භාවිතා කරන වාහන වල ඉන්ධන සම්බන්ධව පැමිණිල්ලක්.ඔහු පාර්ලිමේන්තුවෙන් ලබා දෙන
ඉන්ධන හා කතානායක තනතුරේ ඉන්ධන දීමනාවත්
ගන්නවා. නමුත් විපක්ෂයේ අපි සම්බන්ධ කුමන හෝ පෙත්සමක් ආවොත් ඒ පිළිබඳව අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් අල්ල්ස් හා දූෂණ විමර්ෂන කොමිෂන් සභාවත් වැඩ කරන්නේ
පිස්සු බල්ලෝ වගේ. ඒ පිළිබඳව අපේ අම්මගෙන් ගිහින් අහනවා, අපේ පුංචිඅම්මාලගෙන්
ගිහින් අහනවා. අපේ සහෝදර සහෝදරියන්ගෙන් ගිහින් අහනවා. අපි සාක්ෂි සහිතව පැමිණිලි
කරලා තියෙද්දිත් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවෙන් වත් අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවෙන් වත් මේ ආණ්ඩුවේ කිසිම මැති ඇමතිවරයෙක් සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක්
අරන් නෑ. කතානායකතුමන් ලැජ්ජ වෙන්න ඕන. විපක්ෂය විසින් විශ්වාස භංගයක් ගේනකන් ඉන්න
එපා. ඔබතුමා ඔය තනතුරේ ගෞරවය රැකලා ඔය තනතුරෙන් ඉල්ලා අස්වෙන්න.
කලින් රන්වල
කතානායකතුමා පත්වුනා හොර උපාධි සහතිකයක්
එක්ක. දැන් කතානායක වරයා ඊටත් වඩා
දුෂිතයි. ඒතුලින් කතානායක තනතුර සම්පූර්ණයෙන්ම හෑල්ලුවට ලක්වෙලා තියෙන්නේ. කතානායක
තනතුර කියන්නේ පාර්ලිමේන්තුවේ උත්තරීතර තනතුර වගේම රටේ තුන්වන පුරවැසියා.

Requesting speaker details is crime
ReplyDeleteThen why we spend so much money for security
In4ian raw needs details of jvp carders who use unknown protocols
Speaker is 3rd level leader of SL