ලබන මස 3 වැනිදා ප්‍රකාශ ලබාදීම සඳහා රජයේ අපරාධ පරීක්ෂණ බලධාරීන් හමුවට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට දන්වා තිබේ.
'සිරිලිය සවිය' ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් සාක්ෂි විමසීමට නියමිතය.
මීට පෙර අවස්ථාවක කළ දැනුම්දීමකට අනුව පෙනී සිටීමට අපොහොසත් වීම නිසා, ඇය විසින්ම ඉල්ලා සිටි පරිදි මෙම නව දිනය වෙන්කර දී ඇත.
නාමල් රාජපක්ෂ මහතාට එදින පෙරවරු 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

නීතිය යනු පාලකයාගේ කැමැත්ත කියලා සමාජවාදයේ උගන්වයි .එය වෙනස් වන්නේ කවදාද?
ReplyDeleteජන මනස වෙනතකට යොමුකොට තම අසමත් භාවයන් සැඟවීමට දරන බාල උපක්‍රම
ReplyDelete