රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මඟින් දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක් ආරම්භ කර ඇත. එයට ප්‍රධාන
වශයෙන් හේතු වී ඇත්තේ, වෛද්‍යවරුන්ගේ පහත සඳහන් ගැටලු වන,
·
සියලු කාණ්ඩවල වෛද්‍යවරුන්
ඇතුළත් කර ගනිමින් “ශ්‍රී ලංකා
වෛද්‍ය සේවය” නමින්
සුවිශේෂී සේවා කාණ්ඩයක් බිහිකිරීම සඳහා සියලු
පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් සහ එකඟතාවයෙන්
කෙටුම්පත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා ගෙන ඉදිරි කටයුතු සිදු කිරීම.
·
වෛද්‍යවරුන්ගේ DAT දීමනාව
යාවත්කාලීන කිරීම
·
22/99 චක්‍රලේඛයට
අනුකූලව ප්‍රවාහන ගැටලු විසඳිම
·
අමතර රාජකාරි දීමනාව
ස්ථාවර දීමනාවක් බවට පත් කිරීම
·
පර්යේෂණ දීමනාවේ ගැටලු
විසඳිම
·
අනුමත වෛද්‍යවරුන්
සංඛ්‍යව යාවත්කාලීන කිරීම (Carder Revision)
·
ඉහත ගැටලු කාල රාමුවක්
සහිතව විසඳිම සඳහා 2026.01.05 දින සිට
මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා
ආරම්භ කිරීම
සඳහා විසදුම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් ලිඛිත එකඟතාවය මේ වන විට කඩ වී තිබිමයි. මේ නිසා රාජ්‍ය සේවයේ නියුතු 23000 කට අධික
වෛද්‍යවරුන් ප්‍රමාණයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් මෙම තිරණය
පිළිබඳව දැඩි අප්‍රසාදය සහ
කනස්සල්ල ප්‍රකාශ කරමින් සිටියි.
මේ අතර සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යට අදහස්
දක්වමින් වෛද්‍යවරුන්ගේ ගැටලු සඳහා රජයට පිළිතුරු දීමට නොහැකි බව ප්‍රකාශ කිරීමත්, වෛද්‍යවරුන්ට එරෙහිව අවම
බලය භාවිතා කිරීම පිළිබඳව ප්‍රකාශයක් කිරීමත් අප සංගමයක් ලෙස දැඩි ලෙස හෙළා දැකීමට කැමැත්තෙමු.
එමෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් වැඩිමනක් පිරිසක් නියෝජනය කරන රජයේ වෛද්‍ය
නිලධරීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍යවරුන් කාලයක් තිස්සේ තම ප්‍රවාහන ගැටලුව රජය
විසින් විසඳුනු ඇතැයි බලා සිටිය
නමුත්, වර්තමාන තත්ත්වය අනුව රජයට ඒ සම්බන්ධව සත්‍ය අවශ්‍යතාවයක් නොමැති දැයි ප්‍රශ්ණ
කරමින් සිටිති.
වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සඳහා මැදිහත් නොවෙමින් උද්දච්ච
බවින් රජය කටයුතු කිරීම පිළිබඳව සහ වෛද්‍යවරුන්ව නොසලකා හැරීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි ලෙස අපගේ අප්‍රසාදය සහ කණගාටුව පල කර
සිටිමට කැමැත්තෙමු.
ශ්‍රී ලංකාවේ කොදු නාරටිය වන් වූ නිදහස් සෞඛ්‍ය සේවය සඳහා නායකත්වය ලබා දෙන විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ගේ ගැටළු සඳහා නිසි විසඳුම් නොලැබිමෙන් සිදුවන්නේ
රටේ සෞඛ්‍ය සේවය පසුබෑමට ලක් වීම වන අතර එමඟින් අවසන් අනිටු ප්‍රතිඵලය අවසානයේ අත්වන්නේ රෝගී ජනතාවටම වේ.
එම නිසා, රජයේ උද්දච්ච හැසිරිමත්, වෛද්‍යවරුන්ගේ ගැටලු
පිළිබඳව නිසි විසඳුම් ලබා දීමට කිසිදු වුවමනාවක් හෝ උනන්දුවක් නොදැක්වීමත් පිළිබඳව සාකච්ඡා කරමින් ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබද තීන්දු තීරණ ලබා
ගැනීම සඳහා 2026.01.28 වැනි හෙට
දින දිවයින පුරා ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියලුම ශාඛා සංගම් නියෝජනය
කරමින් වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංගම් මූලස්ථානයට මධ්‍යම කාරක
සභා රැස්වීමක් සඳහා කැදවීමට නියමිතව ඇත.

RIP education. RIP medical system. පුපරුදේ...
ReplyDeleteMun Hinganno nemeyida? Nikan igenagena anith unta nethi waraprasada illanne?
ReplyDeleteහිඟන්නෙක් කුලියට කොටල
Deleteරටේ ජනතාව වන අපිත් වැඩ වර්ජන වලට එදා ඉදලම කැමති නැහැ. මොකද වැඩ වර්ජන වලින් තැලෙන්නේ රටේ අහින්සක ජනතාවයි. අද දවසේ Jvp එක විපක්ශේ සිටියා නම් GMOA එකටත් වඩා පාරට බහින්නේ JVP එක. අවස්ථාවාදී කුහකයෝ කියන්නේ මුන්ට තමා . දැන් ගලේ පහරපු බළලු වගේ.
ReplyDelete