මොඩියුලයේ අසභ්‍ය සබැදියට NIE ප‍්‍රධානී බෙල්ල දෙයි.. අගමැතිනිගේ කීමට ඉල්ලා අස්වෙයි..

 


ජාතික අධ්‍යාපන ආයතනයේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. 

හයවන ශ්‍රේණිය සඳහා හඳුන්වා දුන් ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මොඩියුලයක අන්තර්ගත වූ අසම්මත වෙබ් අඩවි සබැඳියක් සම්බන්ධයෙන් පැන නැගුණු දැඩි සමාජ විවේචන මෙම තීරණයට හේතු වී තිබේ.

මෙම සිදුවීමට අදාළ කරුණු සලකා බැලූ අග්‍රාමාත්‍යවරිය විසින් ලබාදුන් උපදෙස් මත ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇති බව වාර්තා වේ.

සමරිසි අන්තර්ගතයන් සහිත වෙබ් අඩවියක තොරතුරු පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමේදී සිදුව ඇති අත්වැරදීම් සහ නිලධාරීන්ගේ වගකීම් විරහිතභාවය පිළිබඳව සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත. 

එම පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් මහාචාර්යවරිය මෙලෙස සිය ධුරයෙන් ඉවත් වී සිටීමට පියවර ගෙන තිබේ.

10 Comments

  1. ආප්පෙ බේරන්න ඉල්ලා අස්වෙයි ඊට පස්සේ කොහේ හරි රටක තානාපති ධූරයක් එහෙම නැත්තං විශ්වවිද්‍යාලයක ඉහළ තනතුරක් හම්බවෙයි

    ReplyDelete
    Replies
    1. හරිනි කිසිම තැනක් ඔයවගේ දෙවල් ප්‍රවර්දනය කර්ලා නෑ…
      විමල් හිරු දෙරන නම් නිතර කියනවා

      Delete
    2. මේ උඩ පරයා කියනවා ප්‍රවර්ධනය කරලා නෑලු. තොපිට ඉතින් කලින් කියන ඒව මතක නෑනේ. යූටියුබ් එකේ තියෙනවා. ගිහින් බලාපිය පරයා. කැමති නම් ඒ පරට්ටි මොනවා කරගත්තත් අපිට කමක් නෑ. හැබැයි පොඩි දරුවන්ගේ අනාගතෙත් එක්ක සෙල්ලම් කරන එක නම් හෙන හත ගහන්න ඕන. මේ වගේ පාහරයන්ව හෝදන ඩෝබි පරයන්ට සාපම වෙන්න ඕන.

      Delete
    3. මංජුලා ගේ අම්මයි තාත්තයි දෙන්නම නැති උනා පහුගිය මාසයේ

      Delete
  2. නිලදාරීන් ගේ තමා සම්පූර්න වැරද්ද

    It is there are job what they get paid every month

    ReplyDelete
  3. දැන් මේ මන්දබුද්ධිකයෝ බලයට ඇවිත් අවුරුද්දකට වැඩී. ඒවා හොයලා බලලා මුද්‍රනය කරවන එක ඇමතිකම අරගෙන ඉන්න මෝඩයාගේ වගකීම.
    කුනුහර්ප පොත වහාම විසිකරනු.

    ReplyDelete
  4. ආප්පයක් බේරන්න කී දෙනෙක් බිලි දිය යුතුද

    ReplyDelete
  5. ආප්පයක් රොස් උනා. ඒ ආප්පෙ බේරන්න ආච්චි ආප්ප තාච්චියට පැන්නා

    ReplyDelete
  6. යූටියුබ් සර්ච් කරලා බලපන්න. ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ දෙමව්පියන් විතරක් නෙ⁣වෙයි ගුරුවරුන් පවා ඔය ජරා සමලිංගික අදහස් පාසැල් පෙලපොත් වලට ඇතුළු කිරීමට විරුද්ධව කරන විරෝධතා උද්ඝෝෂණ ඕන තරම් තියෙනවා

    ReplyDelete
Previous Post Next Post