මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන වාහන ලියාපදිංචි කිරීම් සහ හිමිකම් පැවරීම් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ඇතුළත් කිරීම ජනවාරි මස 05 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය කර ඇත.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, එම දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන නව ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතියට මෙන්ම හිමිකම් පැවරීමේ දත්ත පද්ධතියට ද මෙම නව රෙගුලාසිය අදාළ වේ.
ඒ අනුව, මින් ඉදිරියට නව වාහනයක් ලියාපදිංචි කිරීමේදී හෝ වාහනයක හිමිකම පැවරීමේදී, අදාළ නව හිමිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අංකය සමඟ බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්යයෙන්ම පද්ධතියට ඇතුළත් කළ යුතු වේ.
කෙසේ වෙතත්, මෙම නව කොන්දේසිය ඇතැම් වාහන කාණ්ඩ සඳහා බලනොපාන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව යතුරුපැදි, අත් ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් සහ ට්‍රැක්ටර් ට්‍රේලර්, ත්‍රිරෝද රථ යන වාහන කාණ්ඩ සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.

බදු බදු බදූ හා හා හා
ReplyDelete