ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝනය කරමින් බාල ගල් අඟුරු සහිත නෞකා 10ක් මේ වන විටත් මෙරටට ගෙනවිත් ඇති බවත්, ඉදිරියේදී තවත් එවැනි නෞකා 15ක් ගෙන ඒමට සූදානම් වන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
'අයිඩන්' (Iden) නැමති ඉන්දීය සමාගමක් හරහා මෙම ගල් අඟුරු ගෙන්වන අතර, එම සමාගම මහා පරිමාණයෙන් ගල් අඟුරු සපයන පළපුරුද්දක් සහිත ආයතනයක් නොවන බව ඔහු සඳහන් කළේය.
ටොන් එකකට ඩොලර් 1.50ක් වැනි සුළු මුදලක් අඩුවෙන් පෙන්වා ටෙන්ඩරය ලබා ගත්තද, බාල ගල් අඟුරු ලබා දීම හරහා එම සමාගම සෑම ටොන් එකකින්ම ඩොලර් 30ක පමණ අයුතු ලාභයක් ලබන බව රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
රජය මෙවැනි දූෂිත ගනුදෙනු පිළිබඳව සත්‍යය වසන් කරමින් සිටින බවත්, තාක්ෂණික පිරිවිතරයන්ට අනුකූල නොවන සමාගම්වල ටෙන්ඩර් වහාම අවලංගු කර ජනතාව පීඩාවට පත්වන ගෑස් පෝලිම් නැති කිරීමට පියවර ගත යුතු බවත් ඔහු අවධාරණය කළේය.

අමෝ අමෝ.... පතෝල චංපික, පොලව පැලෙයි පකෝ
ReplyDeletedobi, now ready to pay the Lost by taxpayers money alternatively be in dark.
DeleteDo you know the percentage of power generation done using coal?
DeleteAnd do you know the measurements of stating the quality of such coal?
ගූ නැවු වලට සල්ලි ගෙවපු මිනිස්සු මහත්තයෝ අපි. අනික දවසට පැය 16 ක් කළුවරේ හිටිය. දවස් ගනං පෙට්‍රල්, ගෑස්පෝළිම්වල. තිබ්බ වාහන අවුරුදු 12 ක් පරණ ඒවා.
දැං සුරපුරේක ඉන්නේ ඒ අතින්. අලුත්ම කාර් එකයි ජීප් එකයි බිස්නස් hodai. ආර්ථිකය ස්ථාවරයි. වෙන මොනාද.
SYSTEM CHANGED
ReplyDeleteSystem not changed! Only a head change
ReplyDeleteමේවා විපක්ෂ යෙන් ගෙනාවේ, අපි නෙවෙයි
ReplyDelete