උගන්ඩාවේ ඩොලර් බිලියන 18ට කලින් ඩුබායි සල්ලි ගේන්න සූදානම්..

 


පසුගිය පාලන සමයන්හි සිදුවූ බව කියන මහා පරිමාණ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු මේ වන විට දැවැන්ත ක්‍රියාවලියක් ලෙස දියත් වෙමින් පවතින බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. 

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, අදාළ විමර්ශනවලට අදාළව සාක්ෂි විමසීම සඳහා අවශ්‍ය පුද්ගලයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවමින් පවතින බවයි. 

ඇතැම් විමර්ශන කටයුතු මේ වන විටත් අවසන් වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම් සහ අධිචෝදනා ගොනු කිරීම් සිදුවෙමින් පවතින බවත් ඔහු අවධාරණය කළේය.

විශේෂයෙන්ම දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට ලක්වූ උගන්ඩාවේ තැන්පත් කර ඇති බව කියන ඩොලර් බිලියන 18 ක මුදල සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටි අතර, ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ "උගන්ඩාවේ ප්‍රශ්නයේ විතරක් එල්ලිලා ඉන්න එපා" යනුවෙනි. 

උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු තවත් රටවල් කිහිපයක සඟවා ඇති බවට සැක කෙරෙන මුදල් සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක වන බව ඔහු හෙළි කළේය.

එසේම, ඩුබායි හි ඇති මුදල් මෙරටට ගෙන එන ලෙස නාමල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් දැනුවත් නැති බව පැවසූ අමාත්‍යවරයා, ඉදිරියේදී අනාවරණය වන කරුණු මත පදනම්ව අවශ්‍ය පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය. 

තමන් භාරගත්තේ "අපරාධවලින් ගහන රාජ්‍යයක්" බවත්, එවැනි රාජ්‍යයක මෙවැනි දූෂණ රාශියක් සිදුව ඇති බැවින් ඒ සියල්ල ක්‍රමානුකූලව විමර්ශනය කළ යුතු බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසීය

13 Comments

  1. යකෝ කියව කියව ඉන් නැතිව සල්ලි ගෙනත් පෙන්නපන්කෝ පාඅ කෝ

    ReplyDelete
    Replies
    1. ඇයි මේ කෙඳිරි ගාන්නේ? ගේනවා කියල නේ කියන්නේ.
      පොඩි හනුමට බත් අඳින්න ලෑස්ති උනා නං හරි දැන් වැලිකඩ පැත්තට.

      Delete
    2. කොට හනුමගෙ බෙටි ලෙවකන කෙනා බත් ගැන හීන දකිනවා. තවම කෙඳිරිය විතරයි. උගන්ඩාවකුත් නෑ, ඩුබායියකුත් නෑ. කාපු බෙටි දිරවගන්න බැරිව දැං මාර කෙඳිරිය.

      Delete
  2. ඕකගෙ බිට්කොයිං ටික තියෙන්නේ ඩුබායිවල

    ReplyDelete
    Replies
    1. Malimave horu gavane bn bitcoin thiyenne. vipakshe iddith koti ganan kappam allas valin gahala dan anduvata avith ita vasa allas valin horakama. mulinma thamange kale vena evata parikshana akrala dhaduvam dhunnanam hari

      Delete
  3. නාමල් බරපතල වැඩ ඇතුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳීමට නියමිතයි. කෙහෙළිය ට ගොඩක් වෙලාවට මරණ දඬුවම. හෙරලිය අවුරුදු 15 කට වත් යනවා. යෝෂිත එම. නාකි මයින ට පුළුවන් හිච්චි එකා එක්ක හිරකාරයො බලන්න යන්න.

    ReplyDelete
    Replies
    1. පුකෙන් ...හිනා ,,,,ඔයි ......................කන්ටේනර් 323ටයි ...ගල් අඟුරු වන්චාවටයි .....ජම්පර් ෂුවර්

      Delete
    2. වැරදි කරල තියෙනවා නං මොකා හිරේ ගියාම අපිට මොකෝ. කොහොමත් නාකි මයින මැරෙන්න කලින් උගේ පැටිය ඇතුලට යන එක දැක්කම ඇති. උගේ ගෑණි හිරේ ගියාට ඌට කොහොමත් ගාණක් නෑ.

      Delete
    3. කන්ටේනර්, ගල් අඟුරු ප්‍රශ්න තියෙන්නෙ lankacnews.com පඩංගුවෙ ලොන්ත මැන්ටල් වලට මිසක් සාමාන්‍ය මිනිසුන්ට නං නෙමේ. බැහැලා බලනව අයිසේ ටිකක් සමාජෙට, එකෙක් නෙමෙයි දොස් කියන්නෙ මේ ආණ්ඩුවට

      Delete
    4. එකෙක් නෙවෙයි දොස් කියන්නෙ, යන යන හැම පැත්තෙම හැමෝම වගේ දොස් ම තමයි කියන්නෙ. දැන් ඩෝබි ගාස්තුව වැඩිකරලත් වැඩකට ඇති දෙයක් කොටන එකෙක්වත් නෑ. ඇති හොරකම් හංගමින් නැති හොරකම් ගැන තවමත් කොටනවා. කොට කළු බෙටි කන එවුන්ට මොනවද පුළුවන්?

      Delete
  4. ඇහැක් ....හැක් ....හැක් ......හුහුහුහුහුහු.................................................

    ReplyDelete
  5. ඇහැක් ....හැක් ....හැක් ......හුහුහුහුහුහු.................................................

    ReplyDelete
  6. 88/89 "අපරාධවලින් ගහන රාජ්‍යයක්"

    ReplyDelete
Previous Post Next Post