1948 අපට නිදහසක් ලැබුන්නෑ.. නිදහස දිනාගන්න තව ගොඩක් අරගල, සටන් කරන්න වෙනවා..


 නාමිකව නිදහස ලැබුවද, ශ්‍රී ලංකාව තවමත් අධිරාජ්‍යවාදී බලපෑම්වලින් මුළුමනින්ම මිදී නොමැති බව මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැති මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම් උළෙලට එක්වෙමින් කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් සහ ගොවිජන සේවා අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය. 

මෙරට ජනතාව තවමත් විදේශීය බලපෑම්වල ග්‍රහණයට නතු වී සිටින බවත්, සැබෑ ස්වාධීනත්වය තවමත් අත්පත් කරගෙන නොමැති බවත් ඔහු සඳහන් කළේය.

නිදහස යනු සරල කරුණක් නොවන බැවින්, එහි නියම අරුත සාක්ෂාත් කර ගැනීම උදෙසා පොදුවේ සියලු දෙනාම නොනැවතී වෙහෙස විය යුතු බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

‘‘අපි 1948 වසරේ අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබුවේ නෑ. නිදහස් වුණේ නෑ. බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් අපේ රටේ පාලකයන්ගේ අතට බලය ලබාදීම පමණයි මෙහිදී සිදුවුණේ. අධිරාජ්‍යවාදයෙන් අපි තවමත් නිදහස ලබලා නෑ. ඒ අධිරාජ්‍යවාදීන්ගේ ගොදුරු බවට තවමත් අපි පත්වෙලා ඉන්නේ. පත්වෙමින් ඉන්නවා.

 අධිරාජ්‍යවාදීන්ගෙන් සැබෑ නිදහස ලබා ගන්නවා කියන එක අති විශාල කාර්යයක්. ඉතා වෙහෙසකර දැවැන්ත කාර්යයක්. අමාරු වැඩක්. අධිරාජ්‍යවාදීන්ගෙන් සැබෑ නිදහස ලබා ගන්න නම් අපිට තව ගොඩක් අරගල සටන් කරන්න සිදුවෙනවා.

එදා අපේ රටේ පාලකයන්හට බලය ලැබීම තමයි අද අපි එක්තරා විදියකින් සමරන්නේ. එදා බ්‍රිතාන්‍යයන් අපේ රටේ සාමාන්‍ය පාලකයන්ට නොවෙයි පාලනය භාර දුන්නේ. අපේ රටේ ප්‍රභූ පැලැන්තියට තමයි රටේ පාලනය භාර දුන්නේ. ඒ අයගෙන් රටේ සාමාන්‍ය ජනතාවට නිදහසක් ලැබුණේ නෑ. යටත් කරගෙන පාගගෙන තමයි හිටියේ. 

නිදහස ලබාගන්න සාමාන්‍ය ජනතාව විවිධාකාර අරගල කළා. තට්ටු මාරු ක්‍රමයට බිහිවුණු රජයන්හි මහජන නියෝජිතයෝ විශාල අධිකාරිමය බලයක් තියාගෙනයි කටයුතු කළේ. මහනුවර හිටපු අය විශේෂයි. ජනතාව තලා පෙළා පාගාගෙන තමයි කටයුතු කළේ. ජනතාව සෙවූ ඒ නිදහස ලැබුණේ 2024 වසරේ වර්තමාන ආණ්ඩුව පත්වුණායින් පසුවයි. නමුත් තවමත් අපිට පූර්ණ නිදහස ලබා ගැනීමේ අරගල කරන්න වෙලා තිබෙනවා. කරමින් පවතිනවා. සැබෑ නිදහස දිනා ගැනීමට නම් අඛණ්ඩ අරගලයක අනිවාර්යයෙන්ම නිරත වෙන්න සිදුවෙනවා.’’

6 Comments

  1. අභිමානය කතාකරන්න ඉස්සෙල්ලා සුද්දොන්ගෙන් නිදහස් වෙයල්ලා......සුද්දන්ගේ සූට් ගහන් ජාතික දිනයට ආපු රිලා දූපත් වාසී JVP වහල් හෑත්ත දෑක්කහම සුද්දොන්ට හිනායනවා ඈති පුකෙනුත්.....මොකද මුන් සුද්දගේ සන්ස්කෘතිය වෙනුවෙන් කඩේ යන හෑටිය දෑකලා....වහල් හෑත්ත නිදහස් වෙයල්ලා අභිමානය ගෑන කතාකරන්න ඉස්සෙල්ලා

    ReplyDelete
    Replies
    1. තිතටම කිව්ව👍👍

      Delete
  2. අයියයි නංගියි හැමිනිලා අපේ රට වනසන්න බිහිවෙච්ච ජේ.වී.පී. ත්‍රස්තවාදියා 🤮 පර සුද්දන් නිර්මාණය කරලා "සිහලය" මත බලෙන් පටවලා ගිය "ප්‍රජාතන්ත්‍රවාදය" කියන "බඩගෝස්තරවාදී පාලන ක්‍රමය" නිසා තමයි තොපි වගේ නූගත්, අන්ත වනචාරී, හරි හමන් ජන්මයක් නැති, සල්ලාල, අඩු කුලේ, දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, බේබදු පාහර බල්ලන්ට, පොල් ලෙලි වලට, පාපිසි වලට පාර්ලිමේන්තු එන්න පුළුවන් උනේ 🤮😡🤮 මුන් අසාර්ථක බව පිලි අරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා පලයල්ලා කිව්වාට එහෙම යන එවුන් නෙවෙයි. මුන්ට ගහලා එලවන්න කාලය හරි 😡🤮

    ReplyDelete
  3. munwa elawanna kale hari dan..gu gahala elawanna one ...mun samajeta deepu adarshe ekane..ekenma muntath denna one..

    ReplyDelete
  4. අපි හිටියෙ තොපි රිලව් ටිකට ඡන්දෙ දීල රට සුර පුරයක් කරයි කියල නිදහසේ බලාපොරොත්තු තියාගෙන. දැං එහෙම නිදහසක් නෑ තොපි ගෙදර යනකං. බොරු කියල ආපු වැඩ බැරි පොන්#යො ටිකයි ආප්ප වේසියො ටිකයි .. නොදකින්.

    ReplyDelete
  5. මුන්ට ලැජ්ජාවක්, පවට ඇති බයක් කියන දෙයක් ගෑවිලා නැති අසමජ්ජාති, වලත්ත, හැබිචෝල්, තුච්ච, නීච, නූගත් හැතිකරයක්. බලයට එන්න කලින් අනුන්ගෙන් ඉල්ලගෙන ඇඳපු හිල් වෙච්ච ජංගි ඇඳපියව්! නැතිනම් අමුඩ ගහපියව්!!! පාහර හැත්ත 😡 අපේ බදු මුදලින් නඩත්තු වෙමින් තව පුරසාරම් දොඩන්නේ නැතුව. බේබදු වනචාරියා 🤮

    ReplyDelete
Previous Post Next Post