පසුගිය ජනාධිපතිවරණයේදී සියයට හතළිස් තුනක්ව පැවති රජයේ ඡන්ද ප්‍රතිශතය, අද වන විට සියයට විස්ස දක්වා අඩු වී ඇති බව ආණ්ඩුවේම පාර්ශ්ව විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
‘සර්වජන බලය’ පක්ෂයේ ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මෙසේද පැවසීය.
"ආණ්ඩුවේ පාර්ශ්වයන් විසින්ම සිදු කරන ලද සමීක්ෂණ වාර්තාවලට අනුව, ජනාධිපතිවරණයේදී ඔවුන් ලබාගත් 43% ක ඡන්ද පදනම මේ වන විට 20% දක්වා පහත වැටී තිබෙනවා. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පමණක් සිදු කළ සමීක්ෂණ දත්ත අනුව පෙනී යන්නේ, වර්තමාන ආණ්ඩු පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය 15% දක්වා තවදුරටත් පහළ බැස ඇති බවයි."
මෙම ජන හමුව සඳහා ‘සර්වජන බලය’ පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ පාක්ෂිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.

Wada kottu result wage
ReplyDeleteMunta chande apita pissu kiyala hituwada 😂😂😂
😨😨😨😨ජෙප්පෝ එක කාලෙක සමාජවාදය කරන්න ආයුද ගත්තා....ඊට පස්සේ මව්බිම නෑතිනම් මරනය කිව්වා ඉන්දියාවට කොටින්ට රට බෙදනවට විරුද්ද උනා....අද....කොටි හොදයි...... ඉන්දියාව හොදයි ....රට බෙදුනාට කමක් නෑ ....සමාජවාදය වෙනුවට දනවාදය....නිර්දන පන්තිය වෙනුවට සමරිසි කෝලම......මුන් මෙතන්ට එන්නද මෙච්චර මිනිස්සු මෑරුවේ .....😱😱😱😱😱😱
ReplyDeleteUbalai , ubalata kade yana madyawedi yai kiyaganna kalakanni heththa hithan inne ohoma thamai. Ubalata horakam karanna beri nisa pissu wage kiyala api dannawa.ubalath ekka set wela horakapu madyawedi heththatath rewila inne.
ReplyDeleteදැන් හොරාකන්නෙ කවුද කොළුවො? ගල් අඟුරු ද?
Delete