සුළි කුණාටු ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාවට වන්දි වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ප්රදානය කළ චෙක්පත් කිහිපයක් අගරු වීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා කරුණු පැහැදිලි කළේය.
එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ චෙක්පත් ලිවීම ඇතුළු සියලු පරිපාලන කටයුතු සිදුවන්නේ රාජ්‍ය යාන්ත්‍රණය හරහා බවයි. යම් හෙයකින් එහිදී කිසියම් අත්වැරදීමක් සිදුව ඇත්නම්, එය වහාම නිවැරදි කිරීමට කටයුතු කරන බව ඔහු සහතික විය.
චෙක්පත් අගරු වන තරමේ කිසිදු මුදල් හිඟතාවයක් රජය සතුව නොමැති බවත්, වන්දි ගෙවීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන සියලුම ප්‍රතිපාදන මේ වන විටත් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය

Aiyo bn munta hariyata cheque ekak vath liyavaganna therenne nahane. Varadunanam ewa harigassanne nathuva ehemath cheques denavada? Ehemath naththan cheque eka yaaluvekta harewwada?
ReplyDelete