මහියංගන, ගැමුණුපුර පිහිටි ඇඟලුම් කම්හලක සේවයට යමින් සිටි විසි වැනි වියේ පසු වුනු තරුණියක් වන අලි පහරදීමකින් මිය ගොස් ඇත.
23අලුයම හයට පමණ මෙසේ මියගොස් ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ පොලිස් වසමට අයත් විරාණගම,කඳවුර කොටසේ පදිංචි ඩබ්ලිව්.ඩබ්ලිව්.ආශ්චර්යා මිහිරාණි නමැති තරුණියකි.
වන අලියා පහරදීමෙන් බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් පසු ආශ්චර්යා මිහිරාණි ගිරාඳුරුකෝට්ටේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර රෝහලේ ගිලන් රථය නොමැතිව දඹාන රෝහලේ ගිලන් රථය එනතෙක් දිගු වේලාවක් මූලික ප්‍රතිකාර ලබා සිට ඇත.
දඹාන රෝහලේ ගිලන් රථය පැමිණි පසු තුවාලකාරිය මහියංගන මූලික රෝහල වෙතට මාරුකර යවා ඇත.මහියංගණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පෙරවරු අටයි හතළිස්පහට පමණ ඇය මිය ගොස් ඇත.
මියගිය ආශ්චර්යා පසුගිය අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටියාය.
පසුගිය 22 දිනයේ සිය 20 වැනි ජන්ම දිනය සැමරු ඇය අද උදෑසන සිය සේවා ස්ථනයේ සහෘදයින්ට රස කැවිලි පාර්සලයක්ද රැගෙන ගොස් ඇත.
මේ පිළිබඳව ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම වන අලි උවදුර නිසා වසර ගණනාවක් තිස්සේ තමන් පීඩාවට පත්ව සිටින බවයි.
වසර ගණනාවක් ගත වී තිබුණත් බලධාරීන් තවමත් සැලසුම් පමණක් සකසමින් සිටින බවයි.
වන අලින් ගම්වැදීම වැළැක්වීම සඳහා අලි වැටක් යොදා ඇති බවත් එම අලි වැට කම්බි වලට පමණක් සීමා වී ඇතැයි පවසති.එමෙන්ම අලි වැට සඳහා යොදා ඇති විදුලි පද්ධතියේ බැටරියද දිගු කලක් තිස්සේ අක්‍රිය තත්ත්වයේ පවතින බවද පවසයි.
ගිරාඳුරුකෝට්ටේ තිබුණු වන අලි පාලන ඒකකය දේශපාලනික වුවමනාවන් මත දැනට වසර කිහිපයක සිට මහියංගන දෙහිගොල්ල ප්‍රදේශයට ගෙන ගොස් ඇති බවට චෝදනා කරන ගම්වාසීන් මහවැලි සී කලාපයේ ගිරාඳුරුකෝට්ටේ කොට්ඨාසයේ ගම්මාන දහ අටක ආරක්ෂාව සඳහා තිබුණු අලි පාලන ඒකකය යළි පිහිටුවන ලෙස බලකර සිටි.
වනඅලි පලවා හැරීම සඳහා වෙඩි ලබා ගැනීම සඳහා කිලෝමීටර 25 ක් පමණ යාමට සහ ඒමට යා යුතු වනඅතර එක් අයෙකුට එක් ගමන් වාරයකදී ලබා දෙන්නේ අලි වෙඩි දෙකක් පමණක් බවත්,පවසන විරාණගම වැසියන් තවදුරටත් මේ උවදුර නිසා ඉවසා සිටිය නොහැකි බව අවධාරණය කරති.
සී.කුමාර- - ගිරාඳුරුකෝට්ටේ

අලියෝ අපේ රටට ලොකු වැඩියි. ඒ නිසා වල් අලි ඇමරිකාව වගේ ලොකු රටකට පැටවිය යුතුයි.
ReplyDeleteමහින්දය අලිවැට සුපිරියට ගහපු එකේ ප්‍රතිපල මේ තියෙන්නෙ.
Deleteඅලිවැට ගැහීම කෙසේ වෙතත් වමට ගැහුව නෙ සල්ලි දැකල නැති එකෙක් වගේ.
හැබැයි ඒකට පුතා. ලෝස් නෑ. රොත්ත පිටිං ලංඩන් යන්නෙ තාත්තගේ සල්ලි නාස්ති කරගෙන. එකම වැඩේ ඕක සරම ගහන් අර ඇට වෙවුලන හීතලේ ගිහිං ආවම තව කුට්ටියක් ඉවරයි ඕකගේ මර ලෙඩ හොඳ කරන්න. බලපන්කො ඊළඟ නඩු වාරේ ඕක සෙත්ත පෝච්චි.
එහ් එතකොට උඹලැයි පෙරහරේ ගෙනියන්නේ මයිනොද?
Deleteජෙප්පදු ඩෝබියන්ට තියෙන්නෙ එකම අඳෝනාවක් විතරයි. ටිංටිං වල පැත්තෙ මයිනටවත් පොන්න රැවුලටවත් අළුත් දෙයක් ලියල දෙන්න බැරිද?
Deleteඅලන්තර ඛයිෆා පාල රබ්බුක බිහ සහ බිල්ෆි, විසිල් සහ බල්ටි, පුකේ පලු නැති දෙස්කා කිව්ව නං අලිය නැට්ට හලල දුවන්නෙ.
ReplyDeleteඅපි අලි ගනන් කරමු දවසක් දාගෙන.
ReplyDelete😁😁😁
Delete