පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදෙසා වෙන්ව තිබූ විශ්‍රාම වැටුප නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් හිටපු ජනතා නියෝජිතයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව අවධාරණය කරයි.
එම සංගමයේ ලේකම් ප්‍රේමසිරි මානගේ මහතා පෙන්වා දෙන්නේ මෙම නව නීතිමය තත්ත්වය මත හිටපු මන්ත්‍රීවරුන් 300ක් පමණ සහ ඔවුන්ගේ සහකාරයන් (බිරිඳ හෝ සැමියා) 200කට ආසන්න පිරිසකගේ ජීවනෝපාය අහිමි වී ඇති බවයි.
විශේෂයෙන්ම මෙම දීමනාවෙන් යැපුණු ආබාධිත දරුවන් කිහිප දෙනෙකු ද ඇතුළුව විශාල පිරිසක් මේ වන විට අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවත්, ඔවුන් නිරන්තරයෙන් තම සංගමය වෙත සිය දුක්ගැනවිලි ඉදිරිපත් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම තත්ත්වයට විරෝධය පළ කිරීම සඳහා ආධ්‍යාත්මික වතාවත්වල නිරත වීමට මන්ත්‍රී එකමුතුව තීරණය කර ඇත. ඒ අනුව රජයට එරෙහිව පොල් ගැසීම සහ දේව කන්නලව් පැවැත්වීම මාතර දිස්ත්‍රික්කය මුල් කරගනිමින් ලබන සතියේදී ආරම්භ වේ. දිවයින පුරා සෙසු ප්‍රදේශ කරා ද මෙම විරෝධතා ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට නියමිතය.
විශ්‍රාමික මන්ත්‍රීවරුන් බහුතරයකගේ එකඟතාවය මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ විශ්‍රාම වැටුප් කප්පාදුව හරහා තමන් මුහුණ දී ඇති අසාධාරණයට එරෙහිව හඬක් නැගීම බව ප්‍රේමසිරි මානගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඊට වඩා හොඳ නැද්ද තොපි ඔක්කොම එකතු වෙලා හිඟා කෑවනම්. දවසක් ඊට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ ඉඳලා පැන්සන් එකක් අරන් ජනතා බදු මුදලින් යැපෙන්න ලැජ්ජා නැද්ද? අවුරුදු විස්සක්වත් හිටියනම් සාධාරණයි. ඇත්තටම ලැජ්ජහයි
ReplyDeleteHalli liyanna epa httpd.. tho kohomada danne un hitapua aurudu gana..
Deleteඉරියාකාර ජෙප්පද්දෙක් පොර ටෝක් දීල
Deleteහුරේ! මන්ත්‍රී පැන්ෂන් නැතිවුනාට අපිට පාන්ද? අපේ අනුර කුමාර උත්තමයගෙ මන්ත්‍රී පැන්ෂන් එකයි ජනාධිපති පැන්ෂන් එකයි දෙකම ලැබෙන විදිහට නීතිය නමාගන තියෙනවනෙ.
Deleteපුංචම්මත් මැරිච්ච මිනිහගෙ වන්දියත්, මාසික පඩියත් දෙකමත් ආමි එකෙන් ගන්නවයි කියල සජබ මන්ත්‍රී රෝහන බංඩාර ප්‍රසිද්ධියේ කිව්ව නේද?
Deleteමේ අපේ රම්බංඩෙගේ කොලුව පුංචම්මත් මැරිච්ච මිනිහගෙ වන්දියත්, මාසික පඩියත් දෙකම අරගෙන??
Deleteබෑ බෑ කොහොමත් වෙන්ට බෑ
අනේ ප්‍රමිශ්කො හොඳ කෙල්ල වගේ උඹවත් ඕකෙ ඇත්ත නැත්ත හෙළිකරහං කො
ප්‍රමිශ්ක දන්න ඉටිගෙඩියක් නෑ. උන්ද දන්නෙ ටටට ගන්ඩ විතරයි.
Deleteපොල් ගහල විතරක් මදි ලොක්කා දෙවුන්දරට ගිහින්ල ගම්මිරිස් ඇඹරුවොත් සාර්ථක ප්‍රතිපල ගන්ඩ පුලුවන් වෙයි.
ReplyDeleteඅපේ ආණ්ඩුවක් ආවාම ඕක රිවස් කරනවා. ඇරියස් එක්ක පඩිය ආපහු දෙනවා.
ReplyDelete