මාලිමාවට සතුටුවෙන්න කාරණාවක්... අලුත්ම සමීක්‍ෂණයෙන් ඡන්ද 25%ක් තාම තියෙනවා..


පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

දිට්වා කුනාටුව නිසා පලාත් සභා මැතිවරණය කල් දැමීමට සිදුවන බව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා ඇමති චන්දන අභයරත්න මහතා ඊයේ ප්‍රකාශ කලා.  මේක ඇත්තටම විහිළුවක්.  1988 දී ලංකාවේ පළමු පළාත් සභා මැතිවරණය පවත්වන කොට ලංකාව දෙකොන ඇවිළුනු විලක්කුවක් වගේ තිබ්බේ.  උතුරේ කොටි ත්‍රස්තවාදය.  දකුණේ ජවිපෙ ත්‍රස්තවාදය.  ඒත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ත්‍රස්තවාදි අභියෝග දෙකක් මැද පලාත් සභා මැතිවරණය රට පුරාම පැවැත්වුවා.  පලාත් සභා විතරක් නොවේ, 1988 ජනාධිපතිවරණය වගේම 1989 පාර්ලිමේන්තු මැතිවරණයත් පැවැත්වුණේ ත්‍රස්තවාද දෙකම තිබෙන අතරේ.  ඒ වගේම අවුරුදු 37ක් උතුරේ ත්‍රස්තවාදයක් තිබුණු එක කිසිම මැතිවරණයක් පවත්වන්න කිසිම ආණ්ඩුවක් බාධාවක් කර ගත්තේ නෑ.  එහෙව් එකේ දිට්වා කුණාටුව නිසා පලාත් සභා මැතිවරණය පවත්වන්න බෑ කියන එක තරම් විහිළුවක් නෑ.

2018 සිට අවුරුදු අටක් කල් ගිහින් තිබෙන පලාත් සභා මැතිවරණය ලබන මාසයේ වුණත් පවත්වන්න පුළුවන්.  2018 සම්මත කර ගත් පලාත් සභා මැතිවරණ පනත අහෝසි කිරීමට වගන්ති තුනේ පනතක් ගෙනාවොත් පලාත් සභා මැතිවරණය පවත්වන්න තිබෙන නීතිමය බාධාව නැති වෙනවා.  පලාත් සභා මැතිවරණ පැරණි ක්‍රමයට පවත්වලා පලාත් සභා පිහිටුවා ගත්තාට පස්සේ ඊ ලඟ මැතිවරණය පවත්වන්න වසර පහක්ම තිබෙන නිසා තේරීම් කාරක සභාවක් දාලා සියළු දෙනාගේම අදහස් අරගෙන සීමා නිර්ණය කරලා පලාත් සභා මැතිවරණයට කොට්ඨාශ හඳුන්වා දෙන්න පුළුවන්.

මේක සාපේක්ෂතාවාදය නොවෙයිනෙ.  ඕනෑම දරුවෙකුට වුණත් තේරෙන මේක මහාචාර්ය චන්දන අභයරත්න ඇමතිතුමාට විතරක් තේරෙන්නේ නැත්තේ මොකද?  තේරෙන්නේ නෑ නොවෙයි පලාත් සභා මැතිවරණය පවත්වන්න බයයි.  ආණ්ඩුවේ ජනප්‍රියතාවය පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණයක් කරලා මීට සති දෙකකට පෙර ජනාධිපතිතුමාට රහස් වාර්තාවක් දුන්නා.  ඒක කලේ පෞද්ගලික සමීක්ෂණ ආයතනයක්.  ඒ වාර්තාවේ හැටියට ආණ්ඩුවේ ඡන්ද පදනම 25%ටත් පොඩ්ඩක් අඩුවෙන් තිබෙන්නේ.  ආණ්ඩුවට කිසිම පලාත් සභාවක් දිනා ගන්න බෑ.  ඒකයි ආණ්ඩුව පලාත් සභා මැතිවණය පවත්වන්න බය වෙලා තිබෙන්නේ.

කොහොමත් කිසිම කලබගෑනියක් වෙන්න කලින් 2025 මැයි පැවැත්වුණු පුංචි ඡන්දයේ දීත් මාලිමාව ගත්තේ 43%නෙ.  පුංචි ඡන්දය පලාත් සභා මැතිවරණයක් වුණා නම් ප්‍රතිඵලය මොකක් වෙයිද කියලා විශ්ලේෂණයක් මම මගේ යූ ටියුබ් නාලිකාවේ කලා.  ඒ අනුව පුංචි ඡන්ද ප්‍රතිඵලය අනුවත් මාලිමාව දිනන්නේ උතුරු මැද සහ බස්නාහිර පලාත් සභා විතරයි.  එදාට පස්සේ තමයි රණවිරුවා සෙබලා වුණේ. උතුරට බෞද්ධයින් එන්නේ වෛරය වපුරන්න කිව්වේ. මුතු කුඩයක් කැඩෙන්න හාමුදුරුවන්ට ගැහුව්වේ. මාලිමා නායකයින්ගේ වත්කම් හෙලි වුණේ.  ආණ්ඩුවේ වරදින් දිට්වා විනාශය වුණේ.  ගල් අඟුරු වංචාව, ලුණු වංචාව හෙලි වුණේ.  ඒ නිසා 43% දැන් 25%ට බැහැලා කියන එකට පදනමක් තිබෙනවා. අපටත් තේරුම් ගන්න බැරි කාරණය තමයි තවමත් 25%ක් ඡන්දදායකයින් මාලිමාව සමග ඉන්නේ ඇයි කියන එක විතරයි.

මේ වාර්තාව පිළිබඳ මම කියන කතාව බොරුවක් නම් වගන්ති තුනේ පනත ගෙනැවිත් පලාත් සභා මැතිවරණය පවත්වන්න කියලා මම ආණ්ඩුවට අභියෝග කරනවා.  ඒ වගේම ආණ්ඩුවට පුංචි අවවාදයක් දෙන්න කැමතියි.  ඡන්ද කියන ඒවා පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා.  2015 පවත්වන්න ඕනි පුංචි ඡන්දය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා 2018 දක්වා කල් දැම්මා.  ප්‍රතිඵලය මොකක්ද?  2015 දී නොතිබුණු පොහොට්ටුව කියලා පක්ෂයක් 2016 දී හැදිලා 2018 පුංචි ඡන්දය දිනා ගත් එක. 

2025 ඡන්දය පැවැත්තුවා නම් පලාත් සභා දෙකක් දිනන්න තිබ්බා.  දැන් ඡන්ද පදනම 25%යි.  තවත් අවුරුද්දක් කල් මැරුවොත් ඡන්ද පදනම 3%ටම පල්ලම් බැහැලා තිබෙන්න පුළුවන්.  මතක තියා ගන්න.  ලෝක ඉතිහාසයේ ඡන්ද පදනමේ දැවැන්තම කඩා වැටීමේ වාර්තාවට හිමිකම් කියන්නෙත් මාලිමාව තමයි.  2024 නොවැම්බර් මාසයේ දී මාලිමාව පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලක්ෂ 69ක් ලබා ගත්තා.  ඒක පුංචි ඡන්දයේ දී ලක්ෂ 45 දක්වා ඇදගෙන වැටිලා තිබෙනවා. ඒ කියන්නේ මාස හයක් ගත වෙන්නත් කලින් ඡන්ද පදනම ලක්ෂ 24කින් අඩු වෙනවා.  මාලිමාවේ මේ පසුබෑම මාස හයක් ඇතුලත 1/3කින් නැතිනම් 34%කින් කඩා වැටීමක් ලෙසයි වාර්තා වෙන්නේ.  එතැන් සිට අවුරුද්දක් යන තැන 25% හරි ඉතිරිවෙලා තියෙන එක මාලිමා ආණ්ඩුව පැත්තෙන් සැනසිල්ලට කාරණයක් කියලයි අපිට නම් හිතෙන්නේ.

14 Comments

  1. මරු වැඩේ දත් කොටාට උනේ. ඌ දැං මාලිමාවෙ ඡන්ද ගණිනවා.

    ReplyDelete
    Replies
    1. හා හා.... මූ දකින සිහින වල සැප. අයිස්ලංතෙ සිහින කුමරගෙ ගෙදර බල්ල වගේ.
      කොහොම උනත් මුන්ට එලොව පොල් පෙනිල බව නං මේ මරු කියවිල්ලෙං පැහැදිලියි 🤣

      Delete
    2. චන්දයක් තිබ්බ නං බලා ගන්න තිබ්බ හැබැයි 25%.
      තව අවුරුදු 15 කට හොලවනව බොරු මේ ආණ්ඩුව. රුපියල් සීයා ගෙ දෙකොණ පූට්ටු වෙලා

      Delete
    3. ඡන්ද 10 ක් නැති එකෙක් කියන කතා. මුං ඉවර බව මුන් දන්නවා. ඒත් අවධානෙ ම හිඟා කනව

      Delete
  2. අනේ කොටෝ. තොගෙයි මගෙයි ප්‍රතිශත. සරම ඔලුවේ ඔතලා පුකේ අරින්න ඕන මේ වගේ කාලාකණ්ණින්ට

    ReplyDelete
  3. දේශපාලන අනාථයෙක් එල්ලීමට වැලක් හොයමින් විරිත්තන වගයි.

    ReplyDelete
  4. මූ හැබැයි පණික්කියට වඩා ලෙස්සන බොරු කියන්නෙ. නඩු ගියොත් කම්මුතු වෙන නිසා.

    ReplyDelete
  5. ඒ ගමන්ම උබේ ප්‍රතිශතයත් බලාගනින්

    ReplyDelete
  6. gammanpila boru kiynna ma ipadhicxhcha ekek

    ReplyDelete
  7. revila thiyennakatada kiyala weerappan balakaye cooment baluwama penawa..chanda padanamak wath nathi untath bauai revichcha tharama kiuwoth

    ReplyDelete
  8. Eka api balagannam. ubai ubalata kade yana media tikai ohoma hari athal ekak anin.gon bijja.

    ReplyDelete
  9. අවුරුදු 25 කටවත් උබලට නම් බලේට එන්න බෑ..මේ යන විදිහට

    ReplyDelete
  10. අම්මට උඩු! වීරප්පන් ඩෝබියො ඔක්කොමලා වැඩට බැහැලා. මාරෙට රිදිල.

    ReplyDelete
Previous Post Next Post