විදුලි ගාස්තු 30%කින් අඩු කරනවා.. (අවුරුදු තුනකින්..)- බලශක්ති ඇමති


පොරොන්දු වූ කාලරාමුවට අනුව තෙවසරක් ඇතුළත විදුලි බිලෙහි 30%ක කප්පාදුවක් සිදුකිරීමට රජය කැපවී සිටින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අවධාරණය කරයි.

අද (06) දින පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පිරිවැය කළමනාකරණය හරහා දැනටමත් සාධනීය ප්‍රතිඵල අත්කරගෙන ඇති බවයි. 

ඒ අනුව මීට පෙර රුපියල් 37ක්ව පැවති විදුලි ඒකකයක සාමාන්‍ය නිෂ්පාදන වියදම රුපියල් 29 දක්වා පහත හෙළීමට මේ වන විටත් පියවර ගෙන ඇත.

ලබා දී ඇති සහතිකය පරිදි වසර තුනක් ගතවීමට පෙර පාරිභෝගිකයාට මෙම සහනය පූර්ණ වශයෙන් ලබාදීම අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

"විදුලි ඒකකයක ජනන මිළ අඩු කරන්නේ නැතිව විදුලිබිල අඩුකරන්න බැහැ. දැනට කරන්නේ වැඩි ගානට අරන් අඩු ගානට විකුණන එක, මිළදී ගැනීමේ- ජනනය වියදම අප රට බාරගනිද්දී තිබුණේ රුපියල් 37කට. දැනට ඒක රුපියල් 29දක්වා 22%කින් අඩුකරගන්න අපට පුළුවන් වෙලා තිබෙනවා. අපේ සැළසුම ඒ අගය රුපියල් 25දක්වා ගේන්නයි. ඒක කරලා වසර 03ක් ඇතුළත විදුලිබිල 30%කින් අඩුකරන්න අපි පොරොන්දු වුන විදියට කටයුතු කරනවා."

6 Comments

  1. ගල් අඟුරු වෙනුවට අලු දාලා නොරොච්චෝලෙ තාප බලාගාරය කැඩිලා ගියාම තොපිට විදුලිබල 60% වැඩි කරන්න වෙනවා. තව අවුරුදු 3 බලමු.

    ReplyDelete
  2. අඟුරු හොරා 😡

    ReplyDelete
  3. MUN DIWATA NODENENNA BORUKIYANAWANE YAKO

    ReplyDelete
  4. ඒ අළු දාල මහාචාර්ය ගෝමික මාස තුනෙන් පෝර හදල පිටරටට විකුණලා රටේ ණය ගෙවල ඉවර කරනවා.

    ReplyDelete
  5. වියදම 22% කින් අඩු කරගෙන නම් ඒ සහනේ ජනතාවට දුන්නම ඔහෙලට හෙන ගහනවද


    ReplyDelete
  6. අවුරුදු 3 කින්ලු
    දැන් කියක් අඩු කරනවද කියල කියපිය ගල් අගුරු හොරෝ

    ReplyDelete
Previous Post Next Post