දහඅටවැනි වියට නොළඹුණු දරුවන් තිස්හය දෙනෙකුට අධික පිරිසක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ බරපතළ චෝදනාවක් මත ව්‍යාපාරිකයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය මගින් මෙම වැටලීම සිදු කර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් පදනම් කරගනිමිනි.
අත්අඩංගුවට ගත් සැකකරු පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ භාරයේ තිබූ විද්‍යුත් උපාංග පරීක්ෂා කිරීමේදී, මෙම ලිංගික අපයෝජන සිදුකර ඇති බවට මූලික සාක්ෂි අනාවරණය වී ඇත.
සැකකරු තවත් පිරිසක් හා එක්ව මෙම අපයෝජන ක්‍රියා වීඩියෝ ගත කර ඇති බවටද තොරතුරු හෙළි වී තිබේ.
සිද්ධියට මුහුණ දුන් වින්දිත දරුවන් හඳුනාගැනීම සහ වැඩිදුර කරුණු තහවුරු කරගැනීම සඳහා සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් පැය 72 ක රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන ඇත.
සැකකාර ව්‍යාපාරිකයා මේ වන විට කොටහේන පොලිස් ස්ථානයේ රඳවා සිටින අතර, ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මියගේ සෘජු මඟපෙන්වීම යටතේ මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වේ.

ඒක තමා පුංචි ලමයින්ට ලිංගික අධයාපනය දෙන්නම ඕන..කවදාවත් නැතුව ලමා අපචාර වලට පුදුම ප්‍රසිද්ධියක් ලැබිලා. මේක නාටකයක්.
ReplyDeleteඔය ප්‍රායෝගික අධ්‍යාපනය ද? මරි මොට්ටයෙක්
DeleteIs That TIlvin ???
ReplyDeleteපුංචි ලමයින් එක්ක ඔය වැඩේ කරන්න කැමති පිරිසක් ඉන්නවා නම් ගම් දාන්න දෑන ගන්න කොටහෙන නම් ඉතින් හිතා ගන්න පුළුවන් වෙච්චි දේ
ReplyDeleteඇමරිකාවෙ නම් ජනාධිපති වෙන්නත් තිබ්බා
ReplyDelete