GOV PAYයෙදුම මගින් රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවීම පිලිබදව නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන් සහ රථවාහන අංශයේ නිළධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් (02) දින සිදු කෙරිණ.
පොලිස්
රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.ඩි.ජේ.සේනාධීර
මහතාගේ ප්‍රධානත්වයෙන් (02) දින එම දැනුවත් කිරිම නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්
කාර්යාලයේ ආශ්චර්යා ශාලාවේදි පැවැත්විණ.
GOV
PAY යෙදුම තුලින් රථවාහන වැරදි සම්බන්ධයෙන් වැරදි කරන රියදුරන්ට
එම යෙදුම තම ජංගම දුරකථනයට බා ගත කිරිමෙන් ක්ෂණිකව එම මුදල ගෙවීමට අවස්ථාව ලබා දීම
මෙහි අරමුණයි.
මේ
තුලින් එම රථවාහන වැරදි කරන රියදුරාට පහසුවක් වන බවයි පොලිස් රථ වාහන පාලන සහ
මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.ඩි.ජේ.සේනාධීර මහතා කියා සිටියේ.
මෙම
අවස්ථාවට නුවරඑලිය දිසාව භාර නියෝජ පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි, නුවරඑලිය
ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්ද්‍රෙස්කර බණ්ඩාර සහ හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප්
විරසේකර යන මහතුන්ද සහභාගි විය.
- රංජිත් රාජපක්ෂ
