ආපදාවෙන් පීඩා වූ පවුල් 4000 ට නිමි ඇදුම් බෙදා දෙයි...


නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ජාතික ආපදා කලමණාකරන ඒකකය සමග එක්ව දිත්වා සුලි කුණාටුව හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවන්ට මුහුන දුන් පවුල්
4000ක් සදා නිමි ඇදුම් හා සනීපාරක්ෂක ද්‍රවය බෙදා දීමේ සමාරම්භක උත්සවය (12) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්චර්ය ශාලාවේදී පැවැත්වින ,

මෙම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිලිකා කවිසේකර මහත්මිය හා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ශාලිකා ළිඳකුඹුර යන මහත්මියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු කර තිබින ,

මෙම වැඩසටහන සදහා මූලයම දායකත්වය හා සම්බන්ධීකරණය ගුඩ් නේබර්ස් ශ්‍රී ලංකා රාජ්‍ය නොවන සංවිධානය කිසින් ලබා දී තිබින ,

මෙහිදි දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවන්ට ලක් වූ අඩු ආදායම්ලාභී හා ආදායම් තත්ත්වයන් තර කරගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින පවුල්වල සියලු සාමාජිකයන් හට භාවිතා කිරීමට හැකිවන පරිදි අත්‍යවශ්‍ය වටිනා නිමි ඇඳුම් සහ සනීපාරක්ෂක ද්‍රවය බෙදා දීම මෙහිදී සිදු විය ,

මෙහිදී ආපදාවන්ට පත් වූ පවුල් 160 ක් සදහා නිමි ඇදුම් සහ සනීපාරක්ෂක ද්‍රවය සංකේතාත්මකව බෙදා දීමට කටයුතු කරන ලදී ,

සමස්ත වශයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පවුල 4000 කට මෙම ද්‍රව්‍යයන් ඉදිරියේදී බෙදා දීමට නියමිතය ,

මෙම වැඩසටහන සඳහා නුවරඑළිය සහකාර දිස්ත්‍රික් ලේකම් භාෂිනී සමරසේකර මහත්මිය , නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක කර්නල් නිශාන්ත බන්ඩාර මහතා , නුවරඑළිය සහකාර ප්‍රාදේශිය ලේකම් සුජානි වීරසිංහ මහත්මිය රාජ්‍ය නොවන ආයතන සම්බන්ධීකාරක නිලංග මංජු ශ්‍රී මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා වැඩසටහන සඳහා මූල්‍යමය දායකත්වය ලබාදෙන ගුඩ් නේබර්ස් ශ්‍රී ලංකා ආයතනයේ වැඩසටන් කළමනාකරු රුෂ්දි නසීර් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහ ප්‍රතිලාභීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ .

ආර්.එෆ්.එම්.සුහෙල්


Previous Post Next Post