රටේ උද්ධමනය සාර්ථකව පාලනය කර ඇති අතර, ආර්ථික ස්ථාවරත්වය රජය බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි මට්ටමකින් අත්පත් කර ගැනීමට සමත්ව ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි,. ඇතැම් පාර්ශවයන් ආර්ථික දර්ශක වැරදි ලෙස අර්ථකථනය කිරීමට උත්සාහ කළද, වත්මන් රජය උද්ධමනය පාලනය කිරීම සඳහා විධිමත් රාමුවක් තුළ කටයුතු කරමින් සිටින බව ඔහු අවධාරණය කළේය.
මීට පෙර රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේදී උද්ධමනය 70%ක් වැනි ඉතා ඉහළ මට්ටමකට ගිය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ හේතුවෙන් රුපියල් 100කින් මිලදී ගත හැකිව තිබූ භාණ්ඩයක් සඳහා රුපියල් 170ක් වැය කිරීමට ජනතාවට සිදු විය.
කෙසේ වෙතත්, එම අධි උද්ධමනකාරී තත්ත්වය පාලනය කර පහළට ගෙන ඒමට රජයට හැකි වී තිබේ. 2023 වසරේ සිට ක්‍රියාත්මක වන වසර තුනක සැලසුම්ගත කාල පරිච්ඡේදය තුළ උද්ධමනය පාලනය කිරීමේ නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන බවත්, එය රටේ යහපතට හේතු වන්නක් බවත් ඔහු සඳහන් කළේය.
වර්ෂය පුරා සමස්තයක් ලෙස ගත් කල භාණ්ඩ මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදු වී නොමැති අතර, සාමාන්‍ය උද්ධමනය බිංදුවට ආසන්න මට්ටමක පවතින බව අමාත්‍යවරයා පැවසීය. තනි තනි භාණ්ඩවල මිල ගණන් වරින් වර වෙනස් විය හැකි වුවද, සමස්තයක් ලෙස බඩු මිල පාලනය වී ඇති බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම ජනවාරි මාසය වන විට උද්ධමන මට්ටම 0.1%ක් වැනි අගයකට පැමිණ ඇති අතර, එය රජය සැලසුම් කළ රාමුව තුළ පවතින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම තත්ත්වය ව්‍යාපාරිකයන්ට මෙන්ම පාරිභෝගිකයන්ටද පැහැදිලිව පෙනෙන්නට තිබියදී, ඇතැම් දේශපාලන කණ්ඩායම් නොදැනුවත්කම හෝ දේශපාලන වාසි තකා උද්ධමනය වැඩි වී ඇති බවට වැරදි මත ප්‍රචාරය කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළේය.
විශේෂයෙන්ම උද්ධමනය 70%-80% දක්වා ඉහළ ගිය සමයේ උපදෙස් දුන් පුද්ගලයන් මෙවැනි ප්‍රකාශ සිදු කරන බවත්, වර්තමානය වන විට ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් කිසිදු ගැටලුකාරී තත්ත්වයක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය

අඩෝ කැරි නාකියෝ තොපි හොරා කාලා කාලා ඒවා වහගන්න බදු පිට බදු ගහලා මිනිස්සු පුකෙන් යවන එකද කැරියෝ උද්දමනය අඩු කිරීම කියන්නේ නාකි වේසිගේ පුතා. වරෙවු කෝ තොපි ඡන්දෙකට නාකි කැරියා.
ReplyDelete😂🤣😃😅😆😁 ඇයි දරුවා මේ කෝප වෙලා. අන්න ගරු කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය පොල් සම්බල් විශේෂඥ, හිච්චි අබේ මහතා කියලා තිබුනා රට හදන්න අවුරුදු 10ක් යනවා කියලා. 😃😅😆😁 ඊලඟ පාරත් දීල බලපල්ලා. ආස හිතෙයි. 😃😅😆😁😃😅😆😁😃😅😆😁
Deleteහරි අමාරු ඇති උද්ධමනය අඩු කරලා මූට. රනිලා තමයි ඒක කරලා දුන්නෙ. මුන් හිතන් ඉන්නේ මේ රටේ උන් මැරිලා ඉපදුනා කියලා. (බලාගෙන ගියාම රටේ ගොඩක් හරක් ඉන්නෙ ඒ විදියට තමයි. සති 2යිනෙ මතක)
ReplyDeleteරනිලාම තමයි 2015 ආන්ඩුව අරගෙන ආර්ථික බෝම්බ අටවලා ගියේ.
පාස්කු බෝම්බෙ ගහපු වෙලාවේ උන් හිනා වුනේ අන්න ඒකයි. මොකද ඊලඟට බලය ගන්න එකාට *කෙල වෙනව* කියලා දන්න නිසා.
ඔය පින්තූරේ ඉතුරු ටිකත් දාපල්ලකො. මට බලන්න ඕන මූ කලිසමක් ඇඳගෙනද මේක කිව්වේ කියල.
ReplyDeleteජෙප්පෝ ආපුවාම ඩොලර් එක රු 800 ටයි
ReplyDeleteඋද්ඩ්ගමනය 200% වගෙ කිව්ව අය මතකයි