Breaking News : ලාෆ් ගෑස් නැව ආවා..

 


ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන් මුහුණ දුන් හිඟයට විසඳුම් ලබාදෙමින්, නව ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (28) දිවයිනට සපැමිණි බව එම ආයතනය පවසයි. 

මීට අදාළ නිල නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා සිටියේ, මෙරටට ගොඩබාන ලද එම ගෑස් තොගය ප්‍රමාදයකින් තොරව අද දින සිටම දිවයින පුරා බෙදාහැරීමට කටයුතු යොදා ඇති බවයි.

ඒ අනුව, අද සිට බලපැවැත්වෙන පරිදි දිවයින පුරා විසිරී සිටින අලෙවි නියෝජිතයන් මගින් සුපුරුදු පරිදි ගෑස් සිලින්ඩර ලබා ගැනීමට ගෘහස්ථ පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී ඇත.

3 Comments

  1. කොවිඩ් ඇත්තෙත් නැතුව,
    රට වහන්නෙත් නැතුව,
    සංචාරක ව්‍යාපාර ඇතුලු ආදායම් කිසිම ප්‍රශ්නෙකුත් නැතුව තියෙද්දි ගෑස් පෝලිම් හැදුව මාලිමාවට ඡන්දෙ දුන් ඔබ සැමට ස්තූතියි. පෝලිම් වල ඉන්න සෑම මොහොතකම, ඒ වුනාට කමක් නෑ අපි නම් මාලිමාවට කියා ඡන්දෙ දුන් ඔබ සැමගේ දෙමාපියන් අපි සිහිපත් කරන්නෙ ඉතාම සෙනෙහසින්.

    ReplyDelete
    Replies
    1. ඒ අතුරිනුත් අම්මලව තමයි වැඩිපුරම මතක් වෙන්නෙ.

      Delete
  2. මේව ඉතින් දැවෙන ප්‍රශ්න අප්පා. 🤔වරායකට නැවක් ඇවිල්ලා. මේක ප්‍රවෘත්තියක් වෙන්නෙ කොහොමද? ඔන්න වරායට ප්ලේන් එකක් ආව නම් ප්‍රවෘත්තියක්. ඔන්න ඔහොමයි අද අපිටත් ජනාධිපති කියල කියන්න වෙලා ඉන්න කෙනා කිව්වෙ කට උල් කර කර. අන්තවාදීන් නොවුණත් මේ මනුස්සයට තරම් අකමැත්තෙන් ජනාධිපති කියන වචනෙ ඔතනට ආපු කිසිම මනුස්සයෙක් වෙනුවෙන් කිව්වෙ නෑ අපි. ලංකාව නියෝජනය කරන කෙනා නිසා ඒ. අපි කැමති උණත් නැතත්. ඒත් මේ කෙනා හැම අතින්ම ඒ අතට සුදුසු නෑ. Adventures of Huckckleburry Finn කියවල තියෙන අය මතක් කරගන්න King and Duke සම්භාව්‍ය නාට්‍ය පෙන්නලා ඒකට මිනිස්සු අද්දගන්න බැරි උණාම කින්ග්ස් කැමලොපාඩ් කියල ලොකු පබ්ලිසිටි එකක් දීල මිනිස්සු ගෙන්නුවා. මොකක්ද පෙනුවෙ. හෙළුවෙන් ඇඟ පාට කරගෙන හරකෙක් වගේ උඩ පැන පැන තුන් පාරක් ස්ටේජ් එකේ එහේට මෙහේට යන එක. විනාඩි පහෙන් නාටිටිය ඉවරයි. අද ලංකාවෙ පෙන්නන්නෙත් ඒක.

    ReplyDelete
Previous Post Next Post