කොළඹ සමාජ විද්‍යාඥයින්ගේ සංගමය විසින් පවත්වන ලද නවතම සමීක්ෂණ වාර්තාවක් උපුටා දක්වමින් ජන බලය සාමූහිකයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසන්නේ වර්තමාන ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තුළ ඉහළ ප්‍රසාදයක් පවතින බවයි.
අදාළ සමීක්ෂණ දත්තයන්ට අනුව පවතින තත්ත්වය මෙසේය.
- ජනාධිපතිවරයා කෙරෙහි ප්‍රසාදය: 78.73%
- ආණ්ඩුව කෙරෙහි ප්‍රසාදය: 45.75%
- විපක්ෂය කෙරෙහි ප්‍රසාදය: 23.6%
ජනාධිපතිවරයා කෙරෙහි පළාත් මට්ටමින් පවතින ප්‍රසාදය, සමස්ත ප්‍රතිශතයට වඩා ඉහළ අගයක් ගන්නා බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.
- වයඹ පළාත: 97%
- නැගෙනහිර පළාත: 89%
- උතුරු පළාත: 86%
ජනාධිපතිවරයාට සාපේක්ෂව විපක්ෂය කෙරෙහි ජනතාව දක්වන ප්‍රසාදය ඉතා අවම මට්ටමක පවතින බව මෙම දත්ත මගින් තහවුරු වේ.
- නැගෙනහිර පළාත: 19%
- උතුරු පළාත: 12.3%
- වයඹ පළාත: 11%
මෙම දත්තයන්ට අනුව, ආණ්ඩුව කෙරෙහි පවතින ප්‍රසාදයට වඩා ජනාධිපතිවරයා කෙරෙහි පවතින පුද්ගලික ප්‍රසාදය කැපී පෙනෙන ලෙස ඉහළ මට්ටමක පවතින බව දේවසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය

ඔය ගමන් හිච්චි හනුමාන් ගැන මිනිස්සු කියන එකත් අහල බලන්නකො. ආස හිතෙයි. 🤣
ReplyDeleteවල පැත්තේ ටිංටිං මයිනගෙත් කැරකූ රැවුලගෙත් මඩ බලකාය දැන් බොහොම දුර්වල වෙලා. එකා එකා මාරුවෙනව වගේ. පංති පහෙන් එකක් ගැලෙව්වා. දැන් ඉන්දියානු ව්‍යාප්ත වාදයක් නැත. තවමත් තියෙන එකම වාදය පචවාදය හා ත්‍රස්තවාදය පමණි.
Deleteමේ වගේ පීචං වෙච්ච ජනාධිපතියෙක් ලෝකෙ කොහේවත් නැතිව ඇති. එක සැරයක් තේ වත්තකට ගිහිල්ල ෆොටෝ ෂූට් එකක් කරා. ඊටපස්සෙ ෆේක් එකවුන්ට් දාහකින් විතර පෝස්ට් ෂෙයා කරකර කමෙන්ට්ස් දැම්මා, 'නිහතමානි මිනිසා, දුප්පතාගේ හදවත හඳුනන මිනිසා, අපිව බලන්න ආපු එකම ජනාධිපතිවරයා කිය කිය. ඉතින් ඇත්තටම මේ හිස් මිනිහට දැන් නගරයකට ගිහිල්ල ඒ ජනතාව හම්බ වෙන්න බෑ. ගමකට ගිහිල්ල ඒමිනිස්සුන්ට මූන දෙන්න බෑ, , අඩු ගානෙ ත්‍රීවීල් ඩ්‍රයිවර්ල ලඟටවත් යන්න බෑ ගුටි කන්න වෙනවා. ඒක නිසා ඉතාම නූගත් පිරිසක් වන තේ වතු සේවකයන් හමුවට ගිහින් ලොකු ප්‍රචාරයක් ගන්න හැදුවා. ඊලඟට මැච් එකක් බලන්න ගියා ඊට පස්සෙ හෙන ප්‍රචාරයක් ගෙනිච්චා ඉන්න ගැම්ම ගැන, බලන් ඉන්න විදිය ගැන, පකිස්තානෙ ලංකාවට ගෙන්න ගත්තෙ එයැයි කියල. ඊ ලඟට ඉන්දියාවෙ ගිහින් ලැබිච්ච පිලිගැනීම ගැන, ඇඳන් ඉන්න කමීසයට හරි හැඩයි කියල. හිටපු ජනාධිපති වරු කවුරුවත් මේවගේ පීචං විදියට තමුන්ව පුම්බ ගන්න උත්සාහ කරේ නෑ. ඒක නිසා රටේ ජනතාව ඒජනාධිපති වරුත් එක්ක මේ මනුස්සයව සන්සඳනය කරල හිස් මිනිහෙක් කියල හංවඩු ගැහුවා. ඇත්තටම මේ මනුස්සය ජනාධිපති කෙනෙක් විදියට මොනවද කරල තියෙන්නෙ. ජනාධිපති කෙනෙක් හැටියට පෞර්ශ්වයක් තියෙන මිනිහෙක් නම් මේවගේ පීචං ප්‍රචාරණ වැඩ කරන්න ඕන නෑ. අලුත්ම එක සමීක්ශණ වලින් මේ මිනිහ හෙන උඩින් ඉන්නව කියල එක එකා ඉලක්කම් දාන එක. මේ හැම දෙයක්ම කරන්නෙ මේ මිනිහ අන්තිම පහත් තත්වෙකට වැටිල තියෙන නිසා පුම්බන්න කියන එක පොඩි ළමයෙකුට වුනත් තේරෙනවා. කොහොම වුනත් රටේ ජනතාවට දැන් එක සුභ දෙයක් දැනෙමින් පවතිනවා ඒ ස්වභාව ධර්මය නඩු අහල දඬුවම් දීම දැන් පටන් අරගෙන කියන එක පනපිටින් ඉන්න අයට නිවන් සුව පතමු කීපදෙනෙක්ම පෝලිමට ගියා. ඉතින් මුන්නැහෙගෙ නඩුවත් ඉක්මනින් අහවියි කියල අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ReplyDeleteමේකාගේ සමීක්ෂණයට සහභාගිවෙලා තියෙන්නේ මෑන් සහ පිටිපස්සෙ ඉන්න හාදයයි විතරයි.එක එක පැති වලට ගිහිල්ලා උන් දෙන්නාම චන්දෙ දීල මම හිතන්නෙ.
Deleteදුක වැඩි නෙතේ, කක්ක බර අතේ
DeleteAra godak liyala thiyena ekata kiyanne...Ochchara addana epa ban..Ubalage Gota hariyata kara na minissu salakai...Gahala pannapu ekata thama duka nam gihin mahana weyan...AKD ara wena kenek laga pathaka wath na
Deleteමුන් කොහොම ආචාර්‍ය වුනාද දන්නෙ නෑ. පච කීමෙන 95% ක් ඇති පීචන් ජනාධිපති ට
ReplyDeleteඑහෙම නම් ඉතින් පළාත් සභා මැතිවරණය පවත්වයි නේ
ReplyDeleteජවිපෙ පක්ෂ කාර්යාලයක් ඇතුළේ සමීක්ෂණය කරලත් 100% නැද්ද?
ReplyDeleteවිධායක ජනපතික්‍රමය අහෝසි නොකරවන්න නිර්මාල් කරන කොන්ත්‍රාත් එකක්.
ReplyDeleteplease recheck may be an otherway 100-97 --------------------> 3%
ReplyDeleteමේ ප්‍රසාදය දුන්න මිනිස්සු බලන්නත් ආසයි. පව් බං උන්. ඔය දත්ත පරිස්සම් කරල තියාගන්න. මාර වටිනවා.
ReplyDeleteමුගේ සමීක්ෂණෙත් හරියට පහුගිය දවස්වල 1048 දෙනෙක්ගෙ නියැදියක් අරගෙන සියයට හැට පහක් තියෙනවා කිව්වා වගේ
ReplyDelete