පාර්ලිමේන්තු මන්ත්‍රීලා 82ක් සමූහ රක්ෂණය ගනී..


 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසූදෙදෙනකු විසින් ඉකුත් වර්ෂයේ (2025) ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ මාස 09ක කාලයේ දී සමූහ රක්ෂණය ලබා ගෙන ඇති බැව් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා 2024 වර්ෂයේ අගෝස්තු මස 20 වැනිදා සිට 2025 වර්ෂයේ ඔක්තෝබර් මස 08 වැනිදා දක්වා කාලයේ රුපියල් මිලියනයක සමූහ රක්ෂණාවරණය ක්‍රියාත්මක විය. 

වත්මන් රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ මෙකී සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි සංශෝධනය වූ රුපියල් දෙලක්ෂ පනස්දහසක සමූහ රක්ෂණාවරණය ඉකුත් වර්ෂයේ (2025) ඔක්තෝබර් මස 09 වැනිදා සිට ක්‍රියාත්මක වේ. 

එම වටිනාකම සහිත නව රක්ෂණාවරණය ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය සමග ගිවිසුම්ගත වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

Previous Post Next Post