රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ලබන සඳුදා (2 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි 'ආරෝග්‍යා සායන' කටයුතුවලින් ඉවත් වීමට එම සංගමය තීරණය කර ඇත.
ඊයේ (25 වැනිදා) රැස් වූ මධ්‍යම කාරක සභාව මෙම තීරණයට එළඹ ඇත්තේ, වෛද්‍යවරුන් වෙනුවෙන්ම වෙන් වූ සුවිශේෂී සේවාවක් ස්ථාපිත කරන ලෙස කළ ඉල්ලීම්වලට රජය මෙතෙක් නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙනි.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් සංගමයේ ලේකම් ප්‍රභාත් අත්තනායක මහතා අවධාරණය කළේ, වර්තමානයේ ක්‍රියාත්මක වන සායන 50 ක් සහ ජංගම සායන පද්ධතිය දේශපාලන අරමුණු මත පදනම් වූ ඒවා බවයි.
රටේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට පවා සේවක හිඟයක් පවතින පසුබිමක, මෙවැනි දේශපාලන ව්‍යාපෘති සඳහා සහාය නොදීමට වෛද්‍යවරුන් තීරණය කර තිබේ.
වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා හෝ රජයේ බලධාරීන් මෙතෙක් සාධනීය මැදිහත්වීමක් සිදු කර නොමැති බව සංගමය පෙන්වා දෙයි.
මේ වන විටත් ක්‍රියාමාර්ග හතක් ඔස්සේ රජයට බලපෑම් කරමින් සිටින නමුත්, එමඟින් බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් ලබන සඳුදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කිරීමට ඔවුන්ට සිදු වී ඇත.
රජය විසින් වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් නොසලකා හරින්නේ නම්, වර්තමාන වෘත්තීය ක්‍රියාමාර්ග පූර්ණ වැඩවර්ජනයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අනතුරු හඟවයි.

අවදානේ නේද ඉල්ලන්නේ. මිනිස්සු දෙන්න බලං ඉන්නෙ හොඳේ
ReplyDeleteඅවදානේ
කීපදෙනෙක්ගේ උවමනාවට මිනිසස්සු උත්තර දෙය් එදාට දෙවිවරු බලු වෙයි
ReplyDeleteGMOA exco එකට කොන්ද පණ නැහැ. ඔය විදිහට බාගෙ trade union action අරගෙන වැඩක් වෙන්නෙ නැහැ. ජේ ආර් ගෙ කාලෙ කෙරුවා වගේ එක දිගට මාසයක් වැඩ වර්ජනය කෙරුවොත් තමයි ආණ්ඩුව ඇහැ ඇරලා බලන්නෙ.
ReplyDelete