හකුරුතලේ, කොහොඹගාන ප්රදේශයෙන් අඹතැන්න ගම්මානයට පිවිසෙන ප්රධාන මාර්ගය වර්ෂාව හේතුවෙන් යළිත් අබලන් වී ඇති බව ප්රදේශවාසීහු පවසති.
මෙරටට ඇති වූ සුළි කුණාටුවෙන් උඩවත්ත ප්රදේශයේ නායයෑම සිදු වූ කඳුර ආසන්නයෙන් මාර්ගය ගිලා බැසීමට ලක්ව තිබූ අතර, එය තාවකාලිකව පිළිසකර කිරීමට යෙදූ වැලි කොට්ට 400කට අධික ප්රමාණයක් වර්ෂාවත් සමඟ සේදී යාම මෙයට හේතුව වී ඇත.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයත් සමඟ මෙම මාර්ගයේ කොටසක් දැඩි ලෙස හානියට පත් වූ අතර, ගමනාගමන කටයුතු පවත්වාගෙන යාම සඳහා වැලි කොට්ට යොදා මාර්ගය තාවකාලිකව සකස් කරන ලදී.
එහෙත් ඊයේ ඇද හැළුණු වර්ෂාවත් සමඟ එම වැලි කොට්ට සේදී ගොස් මාර්ගය පෙර තිබූ අන්තරායකර තත්ත්වයටම පත්ව තිබේ.
මේ හේතුවෙන් අඹතැන්න ගම්මානයට යාමට ඇති මාර්ගය අවහිර වී ඇති අතර, පාසල් දරුවන් ඇතුළු ප්රදේශවාසීන් විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටිති.
මෙම අවදානම් තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට පෙර, විධිමත් විසඳුමක් ලබා දී මාර්ගය ස්ථිර ලෙස පිළිසකර කර දෙන ලෙස ගම්වාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

කුණාටු ආධාර සාක්කුවේ දාගෙන ජෙප්පෝ වැලි කොට්ට ගැහැව්වේ අතිසාරේට අමුඩේ ගහනවා වගේනෙ
ReplyDeleteනියම වැඩ කාරයො ටිකකට නේ රට බාර දුන්නෙ. දැන් ඉතිං කෙඳිරි නොගා දෙන දේ කාල ගොන්නු වගේ හිටපල්ල
ReplyDelete