ධීවරයන්ට මාළු ඉන්න තැන් කියන ඇප් එක හැදුනා.. ධීවරයන් ලක්‍ෂයක් ඒක දාගෙන ඉන්නේ..


මුහුදේ මත්ස්‍ය ගහනය වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශ හඳුනාගත හැකි විශේෂ ජංගම දුරකථන යෙදුමක් (Mobile App) මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි. 

සිරස රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ධීවර ප්‍රජාව නියෝජනය කරන ලක්ෂයකට අධික පිරිසක් මේ වන විටත් මෙම යෙදුම භාගත (Download) කරගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, එම වැඩසටහනටම එක්වූ විපක්ෂයේ නියෝජිතයන් පෙන්වා දුන්නේ අදාළ යෙදුම මේ වන විට භාගත කර ඇත්තේ පුද්ගලයන් පන්සිය දෙනෙකු වැනි සුළු පිරිසක් පමණක් බවයි. 

විපක්ෂයේ මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළ රත්න ගමගේ මහතා, එම දත්තයන් පිළිබඳ නිල වාර්තා ඉදිරියේදී  ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

2 Comments

  1. ධීවර කර්මාන්තය වෘත්තීමය කරන්න කාලෙ හරි. නිසි ක්‍රමවේද, තාක්ෂණය සහ ආරක්ෂක උපක්‍රම.

    ReplyDelete
  2. Fish find GPSS Available local market anyway. This guys know nothing. Please follow bellow link you will see accurate Gps price.
    Who do you think can afford this price tag.
    Hik hik dream jeppo can be
    https://www.bcf.com.au/boating/marine-electronics/fish-finders?srsltid=AfmBOoqTpxZK0JYJ2IOGi5M1ZcWcZxWrY-SMiP6EZLEQ8vvJNhjb3xN4

    ReplyDelete
Previous Post Next Post