සයිබර් ආරක්ෂාව ශක්තිමත් කිරීමට රාජ්‍ය ආයතන එකම ජාලයකට..


මෙරට ප්‍රමුඛ රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) සමඟ සම්බන්ධ කිරීම සඳහා වූ කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් (10) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 

ශ්‍රී ලංකා CERT ආයතනය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ මෙම සාකච්ඡාවේදී නුතන ලෝකයේ සයිබර් ආරක්ෂණය යනු තවදුරටත් හුදු තාක්ෂණික කරුණක් පමණක් නොව, එය ජාතික ආරක්ෂාව, ආර්ථික ස්ථායිතාව සහ පොදුජන විශ්වාසය කෙරෙහි සෘජුව බලපාන ජාතික වැදගත්කමකින් යුත් කරුණක් බව මෙහිදී අවධාරණය කෙරිණි.

Previous Post Next Post