පසුගියදා සිදුවූ පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතය අහිමි වූ 17 හැවිරිදි තරුණයාගේ දේහය රැගෙන හිතවතුන් අද (12) විරෝධතාවයක නිරත විය.
යාපනය, වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දියත් වූ මෙම විරෝධය පාලනය කිරීමට ආරක්ෂක අංශ මැදිහත් වීමත් සමඟ දෙපාර්ශවය අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.
පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් මෙම තරුණයා මියගොස් තිබූ අතර, ඔහුගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබුණේ ද අද දිනයේදීය.
