මස්කෙළිය පොලිස් වසමට අයත් ගවරවිල වතුයායේ වතු කම්කරුවන් 08 දෙනෙකු යලිත් තමන්ට වතුයායේ සේවය ලබා දෙන ලෙස වතු පාලන අධිකාරියට බලපෑම් කරමින් එම වතුයායේ කෝවිල ඉදිරිපට (05) දින සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත.
වතු
පාලන අධිකාරිය මගින් 2025 දෙසැම්බර් මස 24 දින තම වතුයායට පිටතින් වතුකම්කරුවන්
පිරිසක් රැගෙන විත් තේ දළු නෙලීමට උත්සහ කිරිමෙදි එයට විරුද්ධ වූ නිසා වතු පාලන
අධිකාරිය මගින් එදින සිට මේ වන තෙක් තමන්ට වත්තේ වැඩ කිරිමට අවස්ථාව ලබා නොදීම
නිසා තමන් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වී සිටින බවත්, යලිත් තමන්ව සේවයට
පිහිටුවන ලෙස බල කරමින් තමන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කල බවයි සත්‍යග්‍රහයේ නියෑලී
සිටින අගතියට පත් වතුකම්කරුවෙකු කියා සිටියේ.
වතු
කම්කරුවන් 08 දෙනෙකු විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට සහයෝගය දක්වා එම වතුයායේ
වතු කම්කරුවන් 300 දෙනෙකු පමණ වෘත්තීය සමිති භේදයකින් තොරව වැඩ වර්ජනයක් ආරම්භ කර
ඉන් වතුකම්කරුවන් පිරිසක් සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට පැමිණ සහයෝගය දක්වයි.
අප
මේ පිලිබදව එම වතුයායේ වතු අධිකාරි ප්‍රදීප් මහතාගෙන කල විමසුකට ඔහු කියා සිටියේ
තම වතුයායේ සේවය කිරිමට ප්‍රමාණවත් තරම් වතු කම්කරුවන් නොමැති විම හමුවේ වෙනත්
වතුවලින් වතු කම්කරුවන් පිරිසක් රැගෙන විත් තේ දළු නෙලීමට යොදා තිබියදී සත්‍යග්‍රහයේ
නියෑලී සිටින පිරිස එම වතුකම්කරුවන් පළවා හැරීම නිසා තම වතුයායට විශාල පාඩුවක්
සිදු වු බවයි.
එම
වතුකම්කරුවන් 08 දෙනා සම්බන්ධයෙන් වතු සමාගම විසින් සිද්ධිය සම්බන්ධයෙන් විනය
පරික්ෂණයක් ආරම්භ කර ඉන් වතු කම්කරුවන් 06 දෙනෙකුට යලිත් සේවයට වාර්ථා කරන ලෙස
වාචිකව දැනුම් දී ඇති බවත්, වැඩ තහනමට ලක් වූ සෙසු වතු කම්කරුවන් දෙදෙනාගේ විනය
පරික්ෂණය තවමත් අවසන් වී නොමැති බවයි.
- රංජිත් රාජපක්ෂ
