ශ‍්‍රී ලංකා චෝදනා ඉන්දියාව ප‍්‍රතික්‍ෂෙප කරයි...


පසුගිය ජනවාරි 29 වන දින මුහුදේදී ඉන්දීය ආරක්ෂක නිලධාරීන් පිරිසක් ශ්‍රී ලාංකික ධීවරයින්ට පහර දුන් බවට එල්ල වන චෝදනා කොළඹ පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

මාධ්‍ය ආයතන විසින් කරන ලද විමසීම්වලට ප්‍රතිචාර දක්වමින් මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ බවත්, එහිදී ඉන්දීය නාවික හමුදාව හෝ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් විසින් එවැනි කිසිදු පහරදීමක් සිදු කර නොමැති බව තහවුරු වූ බවත්ය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මහා කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයා මෙසේ ද පැවසීය.

"ධීවරයින්ගේ ජීවනෝපාය සම්බන්ධ ගැටලු දෙස සැමවිටම මානුෂීය කෝණයකින් බැලිය යුතු බවත්, කිසිදු තත්ත්වයක් යටතේ බලය භාවිතා නොකළ යුතු බවත් ඉන්දියාවේ ස්ථාවරයයි. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා රජය සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් කටයුතු කරනවා."

1 Comments

  1. ගුටි නොකා ඉන්න ඕන නම් අනුන්ගේ වතු වලට පනින්නේ නැතිව ඉන්න ඕන.

    ReplyDelete
Previous Post Next Post