ඌරගස්මංහන්දිය ,කුඩා ඌරගහ ඉනිමංකඩ ප්‍රදේශයේදී (30) පියා විසින් ගෙලට එල්ල කරන ලද කැති පහරකින් දියණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.
මේ අනතුරින් මිය ගොස් ඇත්තේ කරන්දෙණියේ පාසලක නමය වසරේ ඉගෙනුම ලබන දුල්මි සමායා සත්සරනී නමැති පහළොස් හැවිරිදි දියණියකි.
දියණියගේ මව විදෙස්ගතව ඇති බවත් ඇය (30) නින්දට යන බව පවසා කාමරයේ ඇඳේ කොට්ටයට සඟවා තබාගෙන සිටි ජංගම දුරකතනයක් ඔබ ඔබා සිටිනු දැක එයට උරණවී පියා විසින් දියණියේ ගෙලට කුරුඳු කපන කැත්තෙන් එල්ල කරන පහරකින් ඇය බරපතල තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කළ බවත් ඇල්පිටිය රෝහලේදී ඇය මිය ගිය බවත් පොලීසිය කියයි.
දුව ඝාතනය කළ පියා (30) අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

ජංගම දුරකථනයක් පාවිච්චි කෙරුවා කියල දුවගෙ බෙල්ලට කැත්තකින් කොටන්න තරම් තරහ ගියේ මොකද කියල සොයා බලන්න වෙනවා.
ReplyDeleteඅවුරුදු 15 දුවෙක්ව මරන්නෙ කොහොමද දෙයියනෙ. මේ ඇවිල්ල තිරිසනුන්.
ReplyDeleteඇත්තටම ෆෝන් ඵක අද අත්‍යවශ්‍ය උපකරණයක්.මේ දරුවන් ඵය කොතරම් අසභ්‍යකරණය කරගෙනද කියන එක පරීක්ෂා කිරීමට විද්වත් කමිටුවකට ඵහි වගකීම් පවරා නිවැරදි පිලිවෙත් සොයා ගැනීමට රජය මැදිහත් වීමට බලකරමු
ReplyDelete