මාලිමාවක් ගෙනැත් ජනතාව ආයෙමත් රැවටුණා...

 


වර්තමාන ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ 2024 නතර කළ තැන සිට ඔහුගේ වැඩපිළිවෙළ කිසිදු වෙනසකින් තොරව ඉදිරියට ගෙන යමින් ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

76 වසරක ප්‍රභූ පාලනය අවසන් කර සාමාන්‍ය ජනතාවගේ පාලනයක් පත්කර ගැනීමට ජනතාව කටයුතු කළද දැන් එම බලාපොරොත්තු සුන්ව ඇති බවද හිටපු පාලකයන් තම වැඩපිළිවෙළ කිසිදු වෙනසකින් තොරව ඉදිරියට ගෙන යන මාලිමාණ්ඩුව සරදමට ලක්කරමින් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මේ අනුව සියලුම පක්ෂ ධනේෂ්වර ක්‍රමවේදය සමග එකතු වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂය උඩුගං බලා යෑමට සූදානම් බවත් ඒ සඳහා නායකත්වය දිය හැකි පක්ෂයක් ජනතාව සමග ගොඩනගන බවත් කුමාර් ගුණරත්නම් අවධාරණය කරයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4 වන ජාතික සමුළුවට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

4 Comments

  1. බුදු හාමුදුරුවො දේශනා කලෙත් මධ්‍යම ප්‍රතිපදාව. ඒ මාර්ගය ඔස්සේ රට පාලනය කිරීම මැනැවින් සිදු වෙන බව තමයි මගේ පෞද්ගලික හැගීම.
    අපි ඕස්ට්‍රේලියාවේ සැපවත් ජීවිතයක් ගතකළත් අපේ මව්බිමට යහපතක් වීමයි අපේ බලාපොරොත්තුව.

    ReplyDelete
    Replies
    1. හපෝයි ඔව්...🩳🎿

      Delete
    2. සන්තෝෂයි එකඟ වීම ගැන. යහපත් පුරවැසියෙක්.

      Delete
  2. Ranil rajspakdhala hure danawa ati mehema kiwwaama

    ReplyDelete
Previous Post Next Post