පෙබරවාරි 04 වෙනිදා පැවැත්වෙන ජාතික නිදහස් දිනය යනු මෙරට සියලු පුරවැසියන්ගේම නිදහස් දිනය බවත් එයට ජාති, ආගමික හෝ ප්‍රාදේශීය භේදයක් නොමැති බවද කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
විවිධ දේශපාලන අරමුණු ඇති අය ඒවා පසෙකින් තබා ජාතික ධජය සහ නිදහස් තේමාව යටතේ එකතු වීම වටින බවද රජය එලෙස එකතු වෙන ලෙස සෑම කෙනෙකුටම ආරාධනා කරන බවද පැවසූ අමාත්‍යවරයා ඇතැම්විට දමිළ දේශපාලන පක්ෂ අතර ඇති තරඟය සහ පුද්ගලයන් අතර ඇති තරඟය මෙන්ම නායකත්වය සම්බන්ධයෙන් ඇති ප්‍රශ්න ආදී දේවල් කරණකොට ගෙන ජාතික නිදහස් දිනය වැනි රටක් ලෙස රටේ ජනතාව ඒකාග්‍ර වන අවස්ථා වලදී ඇතැම් දේශපාලනඥයන්ගේ විවිධ ප්‍රකාශ දැකිය හැකි බව අවධාරණය කළේය.
ඒවා ඔවුන් අතර ඇති බල ගැටුම මිස රටේ ප්‍රශ්නයක් නොවන බව පැවසූ අමාත්‍යවරයා මෙම රජය යටතේ දමිළ, මුස්ලිම් ජනතාව ඇතුලු මෙරට සියලු ජනතාවට ජීවත්වීමට අවැසි පර්සරය නිර්මාණය කර ඇතැයිද වැඩිදුරටත් පැවසුවේය.
නිදහස් වාතාවරණය සාදා ඇතැයිද, ජනතාවගේ ජීවිත පහසු කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයටද ආණ්ඩුව විශේෂ අවදානයක් යොමුකර ඇතැයිද පැවසුවේය. දිට්වා සුළි කුණාටුවෙන් රට ගොඩගැනීමට කරන මැදිහත් වීමට කිසිදු ජාති ආගම් භේදයක් නැතැයිද පෙන්වාදුන් අමාත්‍යවරයා රජයක් ලෙස සියලු දෙනා එකතු කරගනිමින් දියහැකි පහසුකම් ලබාදෙමින් පවතින බවද සඳහන් කළේය.
මෙවැනි අවස්ථාවක මන්ත්‍රීවරයෙකු කළ යුතු වන්නේ රටේ පුළුල් ජාතික සමගියක් නිර්මාණය වන වෙලාවක එයට උදව් කිරීම මිස එවැනි අවස්ථාවක එයට යම් කලු තිතක් තැබීම නොවන බවද අවධාරණය කළේය.

කළු තිත? කොතනද තියෙන්නෙ?
ReplyDeleteඈයි යුද්දේ නෑවෑත්තුවේ...මේවා තමා තොපිට ලෑබෙන දඩුවම් ....කොටි හිතවාදීන් උද්ගෝශන කරනකොට ජෙප්පොන්ගේ ආන්ඩුව හොදන්ට ඈහුම්කන් දෙනවා....සින්හල බෞද්දයා පාරට බෑස්සොත් කූඩුවේ ...සූට් ගහලා එලියට බෑස්සට මේ තිරිසන් ගල්කටස් මිනීමරු ජෙප්පෝ කියන්නේ ගූ ගොඩවල් ටිකක්
ReplyDeleteඉස්සර ඉඳන් එහෙම තමයි. මුන් තමයි බෙදුම්වාදය අවුස්සන්නේ. තොපි තමයි කළු පැල්ලම් ඇති කරේ. තොපේ උන් තමයි ගිහින් ඒ කාලේ කොටි ෆෝම් කරේ අපි මෙහෙ ගහන්න උඹල ඔහේ ගහපන් කියල. කාලකන්නි හැත්ත.
ReplyDelete