ආණ්ඩුව පෙරළන්න පරද්දන්න විසුරුවන්න පුළුවන්.. රාජ්‍ය බෑ..

 


බලයේ සිටින ආණ්ඩුව පැර­ද­වී­මට හෝ විසු­රුවා හැරී­මට හැකි­වු­වත් රාජ්‍ය එසේ කළ නොහැකි බව හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සංජීව එදි­රි­මාන්න මහතා පව­සයි.

ඒ මහතා මේ බව සඳ­හන් කළේ බත්ත­ර­මුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණු පක්ෂ මූල­ස්ථා­නයේ දී පැවති සාක­ච්ඡා­ව­කින් අන­තු­රුව මාධ්‍ය වෙත අද­හස් දක්ව­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මේ ආණ්ඩුවේ ඇමැ­ති­ව­ර­යෙක් පසු­ගි­යදා බොහොම ආන්දෝ­ල­නා­ත්මක ප්‍රකා­ශ­යක් කළා. ආණ්ඩුව කර­මින් සිටින්නේ සුද්දගේ කාලයේ ජෝන් ඩොයිලි කළ කාර්යය. අපෙත් සම­හර පිරි­ස­කට මේ ගැන තේරුණේ නෑ. ඒ ඇමැ­ති­ව­රයා තමයි මේ ආණ්ඩුවේ ජෝන් ඩොයිලි. රාජ්‍ය තමන්ට අත්පත් විය යුතුයි කියලා ආණ්ඩු­වක් විශ්වාස කර­නවා නම් එය ආඥා­දා­ය­ක­ත්වයේ මූලි­කම ලක්ෂ­ණය ලෙස තමයි දේශ­පා­ලන විද්‍යාව ලෝක­යට උගන්වා තිබෙන්නේ.

පාල­ක­යෙක් විශ්වාස කර­නවා නම් රාජ්‍ය තමන් සතු විය යුතුයි කියලා එය තමයි ආඥා­දා­ය­ක­ත්වය. දේශ­පා­ලන විද්‍යාවේ පැරණි පොත­පත 14 වැනි ලුවි රජ්ජු­රු­වන්ගේ ප්‍රකා­ශ­යක් උපුටා ගන්නවා තහ­වුරු කරන්න. ප්‍රංශයේ ලුවි රජ්ජු­රුවෝ කිය­නවා රාජ්‍ය යනු මමය කියලා. මේ ආණ්ඩු­වත් විශ්වාස කර­නවා රාජ්‍ය කියන්නේ ඔවුන් කියලා. ආණ්ඩුව පෙර­ළන්න පුළු­වන්, පර­ද්දන්න පුළු­වන්, විසු­රු­වන්න පුළු­වන්, හැබැයි රාජ්‍ය එසේ වෙන්නේ නෑ. මේ පිරිස හිත­නවා මේ රාජ්‍ය ඔවුන්ගේ කියලා.

හැබැයි මේ ආණ්ඩුව විසින් ඍජුව සහ ඇතැම් අව­ස්ථා­ව­ලදී ඇතැම් ක්‍රියා­කා­ර­කම් හරහා නොකියා ප්‍රකාශ කර­නවා රාජ්‍ය ඔවුන් සතුයි කියලා. රටේ සියලු පුර­වැ­සියෝ රාජ්‍යයේ සාමා­ජි­කයෝ. හැබැයි රටේ සෑම කෙනෙක්ම ආණ්ඩුවේ සාමා­ජි­ක­යෙක් නොවේ.

හැබැයි මොවුන් සියලු දෙනා තමන් යටතේ සිටින දේශ­පා­ලන ප්‍රති­මත නැති සමා­ජ­යක් නිර්මා­ණය කරන්න දරන උත්සා­හය තමයි මෙහිදී අපට පෙනී යන්නේ. රාජ්‍ය සතුව තිබෙන බලය ආණ්ඩු­වට දෙන්න බෑ. ආණ්ඩුව කියන්නේ රාජ්‍ය නමැති ස්වාමි­යාගේ සේව­කයා. රාජ්‍යයේ සහ මහ­ජ­න­යාගේ කැමැත්ත ප්‍රති­පත්ති බවට පරි­ව­ර්ත­නය කර එය ක්‍රියා­ත්මක කිරීම ආණ්ඩුවේ රාජ­කා­රිය. එය නොකර ප්‍රති­ක්ෂේප වන චෙක්පත් දීලා මිනිස්සු රවටා, ප්‍රති­වා­දි­යා­වත් දේශ­පා­ල­නි­කව බිය­ගන්වා, ආය­ත­නික ප්‍රධා­නීන්ට රාජ­කා­රිය කරන්න දෙන්නේ නෑ ඔවුන්ගේ දේශ­පා­ලන මත­යට නැමුණේ නැති­නම්. ඒ වගේ තැනක සිට මේ පිරිස ඉතාම විකෘති දේශ­පා­ලන බල­යක් තමන් වෙත පව­රා­ගන්න උත්සාහ කර­මින් සිටි­නවා.”

මහින්ද අලු­ත්ගෙ­දර

5 Comments

  1. Great analysis 👍 😃

    ReplyDelete
  2. මේ ගිරවා දන්න දේශපාලනේ. මූ කුලී මයික් ටයිසන් කෙනෙක් නේද ඉස්සර? ලාවට මතකයි ගිනි අව්වේ අවුරුදු උස්සව වල මයික් පලනවා ඒ කාලෙ, ගෙවිච්ච ටී ෂර්ට් කෑල්ලක් ඇඳන්, දැං කෝට් එක නැතුව බෙට්ට යන්නෙත් නෑ වගෙ හිටියට.

    ReplyDelete
    Replies
    1. කියන දේට අදාළ කරුණු කියපන් මොඩය මොහු කියන්නේ සම්පූර්ණ ඇත්ත රාජ්‍ය අත්පත් කරගන්නේ ඒකාධිපති පාලක යන් ප්‍රජාතන්ත්‍රවදි ආණ්ඩු ක්‍රමය යටතේ ආණ්ඩුව සහ රාජ්ය යනු දෙකක් ආණ්ඩුව රාජ්‍ය බලය අත් කර ගත්තම රටේ මිනිසුන් ගේ මූලික මිනිස් අයිතීන් නැති වෙනවා ඉන්පසු මිනිසුන් ගේ හැමදේම පාලනය කරන්නේ ආණ්ඩුව මූලික අයි තින් නෑ බාශන නිදහස දේශපාලන න්8දහස ආදි සියලු දේ නෑ චීනයේ මින යේ මිනිස්සු පිට රට යන්න වාහනය ක් ගන්න පවා ආණ්ඩුවේ අවසරය ඕනා චීනයේ මිනිසුන් ට පළාත් අතර ගමන් යන්න ප වා passport එක දෙන්න ඕන yyoutube නෑ fFace Book නෑ X telegram නෑ Google නෑ තියෙන්නේ ආණ්ඩුවේ ච් Youku Wechat ආදී දේ පමණයි පුද්ගලික මධ්‍ය නෑ තිබෙන ඔක්කොම චැනල් ආණ්ඩුවේ වෙස් ව ලාගත් චැනල් ආණ්ඩුවට විරුදධව කතා කළොත් අතුරු දහන් මේවා මෙරටේ මිනිස්සු දන්නේ නැත අර කත් නොරු වේ කොමි යුණිස් කාරය මිනිසුන් ට කියනවා චී නය හොදයි කියලා එහෙම වෙමු ලු යන්නේ කෝහට ද කියලා පැහැදිලි යි

      Delete
    2. රැවුල උඩට කැරකෙව්වට පහත් භාෂාව නිසා තමුන්ගෙ හැදියාව පැහැදිලි වෙනවා.

      Delete
    3. කවුරු කවුරුත් චීනය අද ඉන්න තැන සහ එතැනට එන්න කරපු කැප කිරීම්, දේශපාලන කඳවුරු මාරු වීම් සහ උපායමාර්ග නොදන්න නිසා කියන කතා.
      අමතක කරන්න එපා, මේ කෝට් කාරයා උනත් කාළයක් චීනට වැඳගෙන හිටිය මයින පෝතකයෙක් බව.
      මේ උඩ කියපු කෙනා කියන කතාව ඇත්ත. පොහොට්ටු උන් මලින් උපන් කතා දෙන්නෙ. උන් මේ රටට ඇරපු ඇරිල්ල මිනිස්සු අමතක කරල කියල හිතන්. මයිනො මේ රටෙන් ගහලා පැන්නුවෙ. මතක තබා ගන්න.

      Delete
Previous Post Next Post