ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මහනුවර සංචාරය සඳහා හෙලිකොප්ටර් යානා භාවිතා කිරීම සම්බන්ධයෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය.
ජනාධිපතිවරයා අතීතයේදී දැක්වූ අදහස්වලට පටහැනිව මෙම ක්රියාව සිදුව ඇති බව විපක්ෂ මන්ත්රීවරු මෙහිදී පෙන්වා දුන්හ.
විපක්ෂ මන්ත්රී හෙක්ටර් අප්පුහාමි මහතා අදහස් දක්වමින් කියා සිටියේ, රාජ්ය නායකයෙකු ලෙස හෙලිකොප්ටර් යානා භාවිතා කිරීම උචිත බවත්, ජනාධිපතිවරයා හෙලිකොප්ටර් යානා දෙකක් සහිතව ගමන් කිරීම දැකීම සතුටට කරුණක් බවත්ය.
"අතීතයේදී හෙලිකොප්ටර් යානා දෙකක් භාවිතා කිරීම ගැන ප්රශ්න කළේ අනුර කුමාර දිසානායක මහත්මයමයි. අහසේ ගමන් කරන අතරතුර ජනාධිපතිවරයෙකුට එක යානයක සිට අනෙක් යානයට පැනිය හැකිදැයි එදා ඔහු උපහාසයෙන් ප්රශ්න කළා," යනුවෙන් මන්ත්රීවරයා සිහිපත් කළේය.
තමන් හෙලිකොප්ටර් භාවිතා නොකරන බවට මීට පෙර ප්රකාශ කර තිබුණද, අවසානයේ ජනාධිපතිවරයාට එම පහසුකම් භාවිතා කිරීමට සිදුව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ පිළිබඳව අදහස් දැක්වූ විපක්ෂ මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා ප්රකාශ කළේ, රාජ්ය නායකයෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් හෙලිකොප්ටර් යානා දෙකක් භාවිතා කිරීම සම්මත ආරක්ෂක පටිපාටියක් බව ජනාධිපතිවරයා විපක්ෂයේ සිටියදී නොදැන සිටි බව මෙයින් පෙනී යන බවයි.
(Pic - internet)

mun bus eken yanawa kiyala neda kiwwe
ReplyDeleteණයට ගත්ත සල්ලි වලින් ගෙන්නපු හෙලිකොප්ටර් වලින් යන්ඩ ලපයට ලැජ්ජාවක් නැද්ද?
ReplyDeleteAMEN
ReplyDeleteඑක්කෙනෙක් කඩුගන්නාව හරියෙදි අනිත් හෙලිකොප්ටරේට පැන්න පැනිල්ලක්.
ReplyDeleteබලන්ට එපාය. අන්න ජම්ප්
🤣🤣🤣🐄🐂🤣🤣🤣👍
Deleteකැළණි හිඟන්නෙක්ට ෂැංග්රිලා ඩිනර් එකක් පිනට ලැබුනා වගේ ලපයා කනවා නම් මදෑ,හානවා නානවා,රෙ...වා.
ReplyDeleteවහසිබස් දොඩවමින් හිටපු එවුන්ට රට ගියාම ඔහොම තමයි.
ReplyDeleteලංකා ඉතිහාසයේ හොඳම ආර්ථික වසර දෙක! හෙලිකොප්ටර් නෙමේ, ඔබතුමා වැනි අය අපි උස්සාගෙන යන්නම්.
ReplyDeleteLapa kot pacha kotama thamai.vishawasa karala chande dunn aunge redi neda mu me galawanne..dobila mewa kohomada hodanne.dobinalatanam enna ennama amaru wena seen ekak penne. idiriyata thawath maru wei putho lesinam wennaa mu jara karaganna vidiyata hedillanam.
ReplyDeleteනැ ..නැ ..බං . එකයි ගියේ . අනිත් එක ලගින් ගිය එකක්
ReplyDelete