ඉන්දියාව සම්බන්ධයෙන් අතීතයේ පැවති විරෝධය දැන් අවසන් වී ඇති බවත්, දෙරට අතර විශ්වාසනීය මිත්‍රත්වයක් මත පදනම් වූ නව යුගයක් ආරම්භ වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
සිරස නාලිකාව සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
ඉන්දියානු විරෝධය ප්‍රතිපත්තියක් මත පදනම් වූවක් අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ තුළ පැවති ඉන්දියානු විරෝධය පිළිබඳව කරුණු පැහැදිලි කළ ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ, එය ඉන්දියාවට එරෙහි වූවක් නොව එකල ඉන්දිය රජය අනුගමනය කළ ක්‍රියාමාර්ගවලට එරෙහි වූවක් බවයි.
"දැන් ඒ ප්‍රශ්නය අවසන්. ඉන්දියාව සහ ලංකාව අතර පවතින මිත්‍රත්වය දෙරටටම මෙන්ම කලාපයටම වැදගත්," යනුවෙන් ඔහු පැවසීය.
ඉන්දියාව ලංකාවේ විශ්වාසවන්ත මිතුරෙකු ලෙස කටයුතු කිරීමට සූදානම් වීම ජයග්‍රහණයක් බවද හෙතෙම සඳහන් කළේය.
ඉන්දියාවේ නිරත වූ නිල සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ලේකම්වරයා පැවසුවේ, එහිදී ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමණ්‍යම් ජයශංකර් මහතා ඇතුළු නියෝජිත පිරිසක් හමුවූ බවයි. මෙම සාකච්ඡාවලදී පළාත් සභා හෝ දේශපාලන කාරණා පිළිබඳව කිසිදු සංවාදයක් ඇති නොවූ බවත්, මූලික වශයෙන් අවධානය යොමු වූයේ ආර්ථික සංවර්ධනය සහ නව තාක්ෂණය මෙරටට ලබාගැනීම පිළිබඳවත් බව ඔහු හෙළි කළේය.
විශේෂයෙන් ගුජරාට් ප්‍රාන්තයේ සිදුකළ සංචාරයේදී එරට 'අමුල්' කිරි නිෂ්පාදන කර්මාන්තය සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳව අධ්‍යයනය කළ බවත්, එම අත්දැකීම් ලංකාවට වැදගත් වන බවත් ඔහු පැවසීය. ලංකාවේ කිරි කර්මාන්තය විදේශයන්ට විකුණන්නේ නැතිව, ඔවුන්ගේ තාක්ෂණික අත්දැකීම් පමණක් ලබාගැනීමට රජය සූදානම් බවද ඔහු අවධාරණය කළේය.
වත්මන් රජය ඉන්දියාව රවටන්නේ නැතිව, තමන්ගේ මතය කෙලින්ම ප්‍රකාශ කරන අවංක ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, ඉන්දියාවද එය තේරුම් ගෙන ඇති බවත් ටිල්වින් සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කළේය. කේරල ප්‍රාන්තයේදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය විසින් ලබාදුන් රතු පැහැති උතුරු සළුව (සාටකය) සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන අදහස්වලට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, එය හුදෙක් අමුත්තන් පිළිගැනීමේ සම්ප්‍රදායික සංස්කෘතික ක්‍රියාවක් පමණක් බවයි.

Yana red da assaka thopi pala rata ithu ru kara la
ReplyDeleteWho is this idiot
ReplyDeleteඉන්දියානු වඳුරු හමුදාවෙන් රට බේර ගන්න ජීවිත පූජා කළ හැට දහසක් තරුණ තරුණියන් ගේ සාපෙම ඇති මේ ආණ්ඩුව ට කෙල වෙලා යන්න
ReplyDeleteයුක්තියක් ධර්මයක් කියලා දෙයක් නොදන්න, වටිනාකම් (values) කියලා දෙයක් නොදන්න, පාවා දෙන්න බැරි දෙයක් නොමැති (සමන් පියසිරි ප්‍රනාන්දුලා මැරුනේ දෙතිස් වද බන්ධන පමුණුවද්දිත් කටින් කෙල පොදක් නොහෙලා), සම්පූර්ණ නරුමවාදීන් පිරිසක් විසින්, මේ වන විට, මේ රටේ පාලන බලය හොබවමින් සිටින බවට මීට වඩා සාක්ෂි මුකුත් ඔනේ නෑ.
මුන්ට රට පාවා දෙන එක අමාරු වැඩක් නෙමෙයි - ඕනෑම ගිවිසුමකට අත්සන් කරලා, ගාන කපා ගෙන, පැලවත්තේ බැංකු ගිණුම් පුරවා ගන්න එක තමයි මුං දන්න රාජ්‍ය පාලනය
ඇත්ත වශයෙන් ම කියනවා නම් දැන් ඉතුරුවෙලා ඉන්න ජෙප්පෝ ඔක්කොම තමන්ගේ සගයන්ව පාවලා දීලා පන බේරගත්තු ගෝනි බිල්ලෝ
මේක ගෝනි බිල්ලන්ගේ ආණ්ඩුවක් - මුං ට ඉන්දියාව එක්ක නිදිවදින එක අමාරු වැඩක් නෙමෙයි
මේ ආණ්ඩුවේ ඉන්නේ පාවා දීම් කරන එක ඇඟට ජීර්ණ වුනු ද්‍රෝහීන් අහිනක්
පාවා දීම් කරන්න මුං ට අමුතුවෙන් පුරුදු වෙන්න දෙයක් නෑ - පාවා දීම තමයි මුංගේ ජීවනෝපාය
Mun aththatama renney pukenda danney naha. 76 wasaraka sapey athikarapu pimpiyo.
ReplyDeleteඅමු මිණී මස් වල රස හොයපු හිවලො, ඉන්දියන් විරෝධය පතුරවල මරපු දහස් ගනන් ජීපිත වලට වන්දි ගෙවපිය.
ReplyDelete