‘ගල් අගුරු ටෙන්ඩරේට මං සම්බන්ධ නෑ.. ප‍්‍රතිවිපාකවලට මා වගකියන්නෑ..’ ලියා දන්වා ගල් අගුරු සභාපති ඉල්ලා අස්වෙයි..

 


ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති එම ධුරයෙන් එහි ඉල්ලා අස්වෙමින් ඒ හිටපු සභාපතිවරයා යොමු කරන ලද ලිපියක් හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා සිය සමාජ ජාල ගිණුමේ ප්‍රකාශයට පත් කර තිබේ.

එහි සඳහන් වන්නේ විදුලිබල අමාත්‍යංශ ලේකම්ගේ අත්තනෝමතික මැදිහත් වීම් සමඟ ගැටලුකාරී ගල් අඟුරු ගෙන්වීමට අදාළ ටෙන්ඩර් කටයුතු සිදු වූ බවය.

රණවක මහතා ප‍්‍රසිද්ද කර ඇති කොටස මෙසේය.

''I wish to note that, although I have never previously engaged in political activities until my recent involvement with the NPP, I accepted this role with the sincere intention of uprooting corruption and working for the betterment of my country. Unfortunately, my efforts did not yield the positive outcomes I had hoped for.

During my tenure, I observed that all major decisions were made by Mr. Udayanga Hemapala and his team according to their wishes and requirements. Therefore, neither I nor the Board of Directors of the LCC can be held responsible for any forthcoming consequences arising from tender procedures.''

''ජාතික ජන බලවේගය සමඟ මෑතකදී සම්බන්ධ වන තුරු මා මීට පෙර කිසි දිනෙක දේශපාලන කටයුතුවල නියැලී නොසිටියද, දූෂණය මුලිනුපුටා දමා මගේ රටේ අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීමේ අවංක අභිප්‍රාය ඇතිව මම මෙම භූමිකාව භාර ගත් බව මම සඳහන් කරනු කැමැත්තෙමි. අවාසනාවකට මෙන්, මගේ උත්සාහයන් මා බලාපොරොත්තු වූ ධනාත්මක ප්‍රතිඵල ලබා දුන්නේ නැත.

මගේ ධුර කාලය තුළ, සියලුම ප්‍රධාන තීරණ උදයංග හේමපාල මහතා සහ ඔහුගේ කණ්ඩායම විසින් ඔවුන්ගේ කැමැත්ත සහ අවශ්‍යතා අනුව ගනු ලැබූ බව මම නිරීක්ෂණය කළෙමි. එබැවින්, ටෙන්ඩර් ක්‍රියා පටිපාටිවලින් පැන නගින ඕනෑම ඉදිරි ප්‍රතිවිපාක සඳහා මා හෝ LCC හි අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතු නොවේ.''

6 Comments

  1. CLEAN SRILANKA kiyala Patta Horutikakne Genawe

    ReplyDelete
    Replies
    1. maybe they mean 'clean out Sri Lanka'

      Delete
  2. නරියන්ගේ, නරි.වාදන් රෙද්ද pallen බේරේ.

    ReplyDelete
  3. ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් අවසන් වසර 15 තුළ දේශපාලන අනුගාමිකයන්ට බෙදාදුන් LRC ඉඩම් සම්බන්ධයෙන් ස්වාධීන සහ පාරදර්ශී පරීක්ෂණයක් වහාම ආරම්භ කළ යුතුය. අසාධාරණ ලෙස ලබාගත් ඉඩම් නීතිමය ක්‍රියාවලියක් මගින් නැවත රජයට පවරා සැබෑ ගොවීන්ට ලබාදිය යුතුය. රාජ්‍ය භූමි දේශපාලන අනුගාමිකයන්ට නොව, කෘෂිකාර්මික කටයුතු සඳහා කැපවූ ගොවීන්ට ලබාදීම රජයේ වගකීමකි. Land Reform Commission භූමි බෙදාහැරීම් පිළිබඳ සම්පූර්ණ විගණනයක් සිදුකර, ජනතාවට එහි වාර්තා හෙළි කළ යුතුය.

    ReplyDelete
    Replies
    1. aim shall be reforms not Retaliation, unfortunately this dobi Government aim is not first but second and finally messed up.
      who the hell on earth investigate RW while he himself use private jets and use diaspora tours to Germany?

      Delete
  4. ඉම්ජිනේරු පුන්න(ක්කු) ශ්‍රී (කු)මාර ජයකොඩි එළ බුවෙකි
    බටර් මාජරින් නැතුවම විදුලි බිලෙන් අපිට අරී



    ReplyDelete
Previous Post Next Post