ජාතිවාදය ඇති කරන උවමනාව ඇත්තේ අගමැතිනියටයි... දැන් මල කෝලමක් වෙලා..

 


මෙරට ජාතිවාදය ඇති කිරීමට තදබල වුවමනාවක් ඇත්තේ අන්තර් ජාතිකත්වය හිස මුදුනින් තබාගෙන සිටින අගමැතිනි හරිනි අමරසූරියට බවත් ජනතාවට ජාතිවාදය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් සර්ව ජනබල පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ හරිනි අමරසූරිය නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන නොගත් නිසා ඇයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ විශාල තැන් මග හැරි තිබෙන බවත් යම් හෙයකින් ඇය මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තානම් මීට වඩා දියුණු පුරවැසියෙක් වන්නට ඉඩ තිබුණු බවත් ය.

හෙතම මෙසේ පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේ ද කියා සිටියේය.

'අගමැතිනිය විවධ අවස්ථාවල විවිධ රටවල දේවල් ඔළුවට දාගත්ත නිසා ඇය හිතනවා අපේ රටෙත් ඉන්නේ සුළුතරයක් කියලා.මේ සුළුතරය නිසා තමයි ජනාධිපතියි මැයයි හැමතැනම ගිහිලා මේ අප්‍රසන්නම වචනයක් වුණු ජාතිවාදය ගැන කතා කරන්නේ. මේ රටේ උපතින් බුදු දහම අදහන අය වැඩි වුණත් ඒ පිරිසවත් කවදාවත් ජාතිවාදයක් ඇදලා ගත්තේ නැහැ. මේ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව කියන හැම වචනයක් පාසාම කියන්නේ ජාතිවාදයක් ගැන. දැන් කවුද මේ ජාතිවාදීන් මේ රටේ අහිංසක මිනිසුන්ද?මේ ආණ්ඩුව කියන්න ඕනෑ කවුද හරියටම ජාතවාදී කියලා. 

එදා නිදහස දවසේ මේ තානාපතිවරුන්ට ඇහෙන්න ජනාධිපති කිව්වා ජාතිවාදයක් ගැන. දැන් අර තානාපතිවරු හිතනවා ඇති මේ රටේ මුස්ලිම් මිනිස්සු ජාතිවාදී කියලා. දෙමළ මිනිස්සු ජාතිවාදී කියලා. අපි දන්නේ නැහැ ඔවුන් මොනවාද හිතන්නේ කියලා. 

යුදවාදී චින්තනයත් මේ රටට ගෙනාවේ මේ ජනාධිපති අනුර කියල අගමැතිනි දන්නේ නැහැ. ඇය උතුරට ගිහින් කියනවා කවුද මේ යුද්ධය කළේ අපිට යුද්ධය ඕනේ නැහැ කියල. එතුමිය දන්න නැහැ මේ යුද්ධයක් ගේන්න කියල කෑ ගැහුවේ තමන්ගේ ජනාධිපති කියලා.විජේවීර පවා විශ්වාස කළා මේ රටේ ජාතිකත්වය. 

මේ අගමැතිනිය විශ්වාස කරන්නේ අන්තර් ජාතිකත්වය. මෙය දැන් මළකෝලමක් වෙලා තියෙන්නේ. ඇය අද මේ කරන්න හදන්නේ මේ එක එක සංවිධානවලින් එන අදහස්වලින් මේ රට පෝෂණය කරන්න. ඇයට තමා මේ රටේ ජාතිවාදය ඇතිකරන්න ඕනෑ. මේ රටේ මිනිස්සුන්ට නෙමේ. අපේ රටේ මිනිස්සු හරිම එකමුතුයි. එතන ජාතිවාද නැහැ.අපිට කියන්නට තියෙන්නේ හතුරා හඳුනාගන්න කියලා හරියටම. එවිට මේ ගැටලුව නැති වේවි.

අශිකා ජයවීර

10 Comments

  1. මේ තේරී දූෂුමන් 🐍🐍🐍

    ReplyDelete
  2. Dilith so concern about jaffa people why ???😂😂

    ReplyDelete
  3. Great speech ......... that's the real truth ......... PM doesn't have even ALs in SL ...... and just trying to living with racism .... which was the foundation of JVPers .... from the 1070s onward ..... now the colours have changed over night in order to stay in power ... pathetic Pachayaas ...... by Kebara Kota

    ReplyDelete
  4. රටට ජාතික නායකයින් ඔනෑකර තිබේ. මේ අවලන් ගෑණිට කවුද අවසර දුන්නෙ දස දහස් ගණන් රණ විරුවො ජීවිතේ පුදල​, සදාකාලික අබ්බගාත වෙලා, ඇස්, මස් පූජා කරල දිනා ගත්ත යුධ ජයග්‍රහණය නින්දිත විදිහට පාවල දෙන්න​?

    ReplyDelete
    Replies
    1. Where were you when SF was brutally assaulted and imprisoned when he went against the regime? Do you really believe what you are saying?

      Delete
    2. He was with a white flag

      Delete
    3. And you with a Satake?

      Delete
    4. SF was not imprisoned for going against the regime but for stealing SL Army funds by giving uniform tender to his son-in-law Dhanuna Thilakarathna.

      He should be hanged for betraying our heroic armed forces personnel by fabricating the bogus White-Flag story.

      Delete
Previous Post Next Post