රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
සෞඛ්‍ය අමාත්‍යංශයේ අසාර්ථකභාවය තුල වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාත්මක කරවීම අකර්මන්‍ය වී තිබිම පිළිබඳවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස ස්ථානමාරු සම්බන්ධව අප දරණ මතය වනුයේ සියලුම වෛද්‍ය කාණ්ඩයන්හි ස්ථානමාරු නිසි පිළිගත් ක්‍රමවේදය ඔස්සේ ස්ථානමාරු මණ්ඩල වල අනුමැතිය ඇතිව නියමිත කාලරාමුවක් තුල සිදු විය යුතු බවයි.
නමුත්, 2026 වර්ෂය ආරම්භ වන විට වාර්ෂික ස්ථානමාරු 7000 කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන දුර්වලතා නිසා ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වී තිබුණි. මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සිදු වු සාකච්ඡාවන්හිදි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු නිසි පරිදි ක්‍රියාත්මක කරවීම තුලින් රට පුරා ඇති රෝහල් සියල්ල සැලකිමට ලක් කරමින් සේවා බිඳ වැටීමකින් තොරව රෝගී සත්කාර කටයුතු පවත්වා ගැනීම පිළිබඳව එකඟතාවයන්ට එළඹෙන ලදී.
මෙම ස්ථානමාරු ක්‍රියාත්මක කරවීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක්ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පාර්ශවයෙන් යෝජනා කරන ලදී. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් බලධාරීන්ගේ නොහැකියාව සහ දුර්වලතාවයන් නිසාත්, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ නියෝග වලට පවා අවනත නොවීම නිසාත් මේ වන විට ස්ථානමාරු ක්‍රියාත්මක කරවීම නියාමාකාරයෙන් සිදු නොවේ.
මේ වන විට ඉහත කී 7000 තට ආසන්න වාර්ෂික ස්ථානමාරු ප්‍රමාණයෙන් ස්ථානමාරු යෑම සඳහා ලිඛිත නියෝග ලබා දීම සිදු කර ඇත්තේ 650 කට ආසන්න වෛද්‍යවරුන් ප්‍රමාණයකට පමණක් වන අතර දළ වශයෙන් එය 9% ක් වැනි ඉතා අඩු ප්රතිශතයකි. එම 9% න්ද ස්ථානමාරු ක්‍රියාත්මක වී ඇත්තේ ලිපි නිකුත් කල වෛද්‍යවරුන් 2/3 ක එසේත් නැතිනම් 400 කට ආසන්න වෛද්‍යවරුන් ප්රමාණයකගේ පමණි. ස්ථානමාරු ක්‍රියාත්මක කරවීම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව ලිඛිත නියෝගයකින් ස්ථානමාරු සිදු කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කර තිබුනද (2026 පෙබරවාරි මස 2 වැනිදායින් ආරම්භ වූ සතිය) එම සතියද ඉකුත් වි දැන් බොහෝ කල් ගතව ඇත.
වාර්ෂික ස්ථානමාරු ලබා ගැනීම සඳහා ඉල්ලීම් කර ඇති වෛද්‍යවරුන් සියලුම දෙනා මේ තුලින් දැඩි අසාධාරණයකට ලක් වී තිබෙන අතර සමහරක් වාර්ෂික ස්ථානමාරු අදාල ලිඛිත නියෝග ලැබුනද ආයතන ප්‍රධානින්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක නොකරමින් පවත්වා ගෙන ඇත.
සෞඛ්‍ය අමාත්‍යවරයා මුලින් ප්‍රකාශ කර සිටියේ වාර්ෂික ස්ථානමාරු ලද සියලුම වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක කරවන බවයි. නමුත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලනයේ අකාර්යක්ෂමතාව, ප්‍රමාණවත් අනුප්රාප්තිකයන් නොමැති වීම සහ මානව සම්පත් කළමනාකරණයේ දුර්වලතාවයන් නිසා ස්ථානමාරු ක්‍රියාවලිය මුලුමනින්ම බිඳවැටීමට පටන්ගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ගේ වැරදි දත්ත හා බොරු උපෙදස් නිසා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශ පවා නැවත වෙනස් කරන්නට එතුමාට සිදුවීම දෛවයේ සරදමකි.

අනේ ඉතිං අපි තාම වැඩකරන්න ඉගෙනගන්නවා නේ. බයවෙන්ඩ එපා අපි ඔක්කොමලා ඇවිදින පුස්තකාල නේ. ඔය ගොල්ලො තැපෑලෙන් මෙන්ම මධ්‍යස්ථාන වලින්ද ඡන්දෙ දීල අපිව පත්කරගත්තෙ ඒකනේ. තවම අවුරුද්දයි නේ. තව හතරක්ම තියෙනව නේ? චුට්ටක් ඉවසන්නකො. රාජ්‍ය යාන්ත්‍රණය අපේ වුනාට පස්සෙනං ඔය කෙඳිරි බෑ, හරිද?
ReplyDeleteස්ට්‍රයික් කලා, ස්ට්‍රයික් එක තීව්ර කලා, තව තවත් තීව්ර කලා, තව තවත් තව තවත් තීව්ර කලා.
ReplyDeleteම්හු... රිදෙන පාටක් නෑ.
දැන් කෙඳිරි ගානවා... අනේ අපි කියන දේ අහන්නකො.... ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈහෑහෑහෑහෑහෑහෑහෑහෑහෑ
අවංක dr ලා බියවිය යුතු නැත
ReplyDeleteඅවංක dr ලා බියවිය යුතු නැත
ReplyDeleteThey lied to whole Sri Lanka before elections, so, this is nothing. They were born to lie.
ReplyDelete