අරගලයේදී පාර්ලිමේන්තුව ගිනි තියන්න ගිය අයටත් මරණ දඬුවය දෙන්නැයි කියයි..


අරගල සමයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කළ පුද්ගලයන්ට හිමිවූ දඬුවම, එදිනම පාර්ලිමේන්තු සංකීර්ණය ගිනිබත් කිරීමට උත්සාහ කළ පිරිසට ද ලබාදිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (12) ප්‍රකාශ කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

"හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව අප අගය කරනවා. නමුත් එම දඬුවමම පාර්ලිමේන්තු සංකීර්ණය ගිනිතැබීමට උත්සාහ කළ පිරිසටත් ලබාදිය යුතුයි. වත්මන් රජයේ සිටින ඇතැම් අමාත්‍යවරුන් පවා එම කුමන්ත්‍රණය පිටුපස සිටියා."

අරගල කාලසීමාව තුළ සිදුවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් නීතිය සමානව ක්‍රියාත්මක විය යුතු බව මරික්කාර් මහතා මෙහිදී අවධාරණය කළේය.

3 Comments

  1. මුන් අනිවාර්යෙන් හිරේ යවන්න ඕනේ

    ReplyDelete
  2. අරගලයට පහර දුන් අරලියගහ මැදුරේ ඉදන් ආපු සෙට් එකටත් එසේම විය යුතුයි

    ReplyDelete
  3. Marikkarge kathave aththak thiyanava. Mun nokalath vena aanduvak aapu davasata aeka kriyathmaka karai.

    ReplyDelete
Previous Post Next Post