හැටන් දිකඔය නගර සභාවේ මාසික සභා රැස්වීම (12) දින එම සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම නගර සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.
එම මාසික සභා රැස්වීමේදි හැටන් නගරයෙ පැති විදියේ මාළු කඩයක් අලුතින් විවෘත කිරිම සම්බන්ධයෙන් පළාත් පාලන නුවරඑලිය සහකාර කොමසාරිස් විසින් හැටන් දික්ඔය නරග සභෘවේ සභාපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් සභාපතිවරයා විසින් සභා ගත කිරිමත් සමග නගර සභාවේ මාසික සභා රැස්වීමේ දැඩි උණුසුම් තත්වයක් ඇති විය.
එම නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න (NPP) මහතා කියා සිටියේ, හැටන් දික්ඔය නගරයේ නගර සභාවේ අනුමැතියක් සහ බලපත්‍රයක් නොමැතිව ව්‍යාපාරිකයෙකු කුකුළු මස් සහ මාළු වෙළදාම් කිරිමේ මධ්‍යස්ථානයක් විවෘත කිරිම සම්බන්ධයෙන් නගර සභාව මගින් එය නතර කර සභාවේ අනුමැතිය රැගෙන එම වෙළදසැල විවෘත කරන ලෙසට අදාළ ව්‍යාපාරිකයාට දැනුම් දී ඒ පිලිබදව (12) දින මාසික සභා රැස්වීමේදි තීරණයක් ලබා දෙන බවට ප්‍රකාශ කර තිබියදි එම ව්‍යාපාරිකයා 2026/02/02 දින නුවරඑලිය පළාත් පාලන සහකාර කොමසාරිවරියට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත්, එම අභියාචනය සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමකින් තොරව නුවරඑලිය පළාත් පාලන සහකාර කොමසාරිවරිය විසින් 02/03 දින අත්සනින් යුතුව තමන් වෙත ලිපියක් යොමු කරමින් එම සුපිරි වෙළදසැල පවත්වාගෙන යැමට අවශ්‍ය බලපත්‍රය ලබා දීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස තමන් වෙත දැන්වු බවයි.
හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රී චුල්ල ජයන්ත ධර්මප්‍රිය (NPP) මහතා කියා සිටියේ, නගර සභාවේ නීති රිතිවලට පටහැනිව එම ව්‍යාපාරිකයා විසින් කටයුතු කිරිම හමුවේ නගර සභාවේ කීර්ති නාමයට ගැටළුවක් ඇති වී ඇති බවයි.
එම ව්‍යාපාරිකයා මුලින්ම සුපිරි වෙළදසැලක් විවෘත කිරිමට අවසර ඉල්ලා එම අවසරය ලැබීමට ප්‍රථම හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක වරයා විසින් ලබා දුන් වාචික උපදෙස් මත එම වෙළදසැල විවෘත කිරිම තුලින් එම ව්‍යාපාරිකයා නිති විරෝධී ක්‍රියාවක් සිදු කර ඇති නිසා ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාදාමයක් ගන්නා ලෙසටයි ආදායම් පරිපාලකවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබූවේ.
සුපිරි වෙළදසැලක් විවෘත කිරිමට අවසර ඉල්ලා පසුව එම ව්‍යාපාරිකයා විසින් සිල්ලර වෙළදසැලක් පමණක් පවත්වාගෙන යෑමට පසුව ඉල්ලුම්පතක් නගර සභාව වෙන යොමු කර ඇති බව නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා සභාව හමුවේ කියා සිටියා.
සමගි ජන බලවේගය නියෝජනය කරන එම සභාවේ නාගරික මන්ත්‍රීවරුන් කියා සිටියේ, එම ව්‍යාපාරිකයාට සුපිරි වෙළදසැලක් පවත්වාගෙන යෑමට අවශ්‍ය අනුමැතිය සහ බලපත්‍රය ලබා නොදුන හොත් එම ව්‍යාපාරිකයා අධිකරණයේ පිහිට පැතිමට ඉඩ ඇති බවයි.
එම නගර සභාවේ නාගරික මන්ත්‍රී චුල්ල ජයන්ත ධර්මප්‍රිය (NPP) මහතා කියා සිටියේ සුපිරි වෙළදසැලක් පවත්වාගෙන යැමට අවශ්‍ය මූලික සුදුසුකම් පවා නොමැති හැටන් නගරයේ වෙළදසැල් කිහිපයකට අවශ්‍ය බලපත්‍රය නගර සභාවේ නිළධාරින් විසින් ලබා දී ඇති බවත්, වත්මන් නගර සභාව නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරුන් එවැනි ක්‍රියාවලට ඉඩ ලබා නොදි ඉදිරියෙදි විධිමත් ආකාරයෙන් හැටන් නගරයේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවශ්‍ය මූලික පියවර ගත යුතු බවයි.
හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා වැඩි දුරටත් කියා සිටියේ තමන් බලයට පත් වීමට ප්‍රථම නගර සභාවේ නිළධාරින් විසින් නීතිරිති වලට පටහැනිව කටයුතු කිරිම හමුවෙ හැටන් නගරය අද මෙවැනි තත්වයකට පත් වි ඇති බවයි.
තමන්ට ලැබී ඇති නිළයේ බලතල අනුව එම ව්‍යාපාරිකයා විසින් සිල්ලර වෙළසැලක් පවත්වාගෙන යෑමට නගර සභාවෙන් ඉල්ලා ඇති ඉල්ලුම් පත්‍රයට අදාළ අනුමැතිය ලබා දෙන බවත්, එම වෙළසැල සුපිරි වෙළදසැලක් බවට පත් කරගෙන යැමට අවශය නම් අදාල සුදුසුකම් අනුව ඉල්ලුම්පතක් නගර සභාව වෙත ඉදිරිපත් කරිමෙන් පසු ඒ පිලිබදව නගර සභාවේ නිළධාරින් විසින් ලබා දෙන නිර්දේශ අනුව ඒ පිලිබදව සලකා බැලිය යුතු බවයි.
- රංජිත් රාජපක්ෂ

https://www.youtube.com/watch?v=IEj7jROk68Y
ReplyDelete