මොඩියුලයේ අසභ්‍ය ලින්ක් දැම්මාට පැමිණිලිකරු අධ්‍යාපන ලේකම් සැකකරුවෙකු කරන්නැයි අධිකරණ නියෝගයක්...

 


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වන ශ්‍රේණිය සඳහා ප්‍රකාශයට පත් කළ ඉංග්‍රීසි භාෂා මොඩියුල කිහිපයකට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි පවතී නම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සැකකරුවකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටනියෝග කළාය.

මෙම වෙබ් අඩවි ලිපිනය පෙළපොත්වලට ඇතුළත් වූයේ චේතනාන්විතවද, වැරදීමකින්ද නැතහොත් නොසලකා හැරීමකින්ද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය. එමෙන්ම, අදාළ වෙබ් අඩවි ලිපිනය ඇතුළත්ව තිබූ ගුරු පුහුණු අත්පොත සහ ශෝධ්‍ය පත්‍ර කියවීමෙන් පසු මුද්‍රණය කළ මොඩියුලය නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගන්නා ලෙස දැනුම් දෙන ලදී.

අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය සහ ශ්‍රේණි විදුහල්පති සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළාය.

නඩුව කැඳවූ අවස්ථාවේදී පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම පැමිණිලි ඉදිරිපත් කළ පාර්ශ්වයන්ගේ ප්‍රකාශ නොසලකා හරිමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගකිව යුතු නිලධාරියකු වන අධ්‍යාපන ලේකම්වරයාගේ පැමිණිල්ල මත පමණක් විමර්ශන මෙහෙයවන බවයි. 

සැබවින්ම සැකකරුවකු විය යුතු පුද්ගලයකුගේ පැමිණිල්ල මත මෙලෙස කටයුතු කිරීම වැරදිකරුවන් ආරක්ෂා කිරීමක් බවත්, මෙම පෙළපොත් මුද්‍රණය හේතුවෙන් රජයට රුපියල් මිලියන 60කට අධික පාඩුවක් සිදුව ඇති බවත් නීතිඥවරයා අවධාරණය කළේය.

මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කැලුම් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 35 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. 

විශේෂයෙන් මෙම මොඩියුල සැකසීමට දායක වූ ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරුන් දෙදෙනෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති බවත්, ඔවුන් සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂවරයා අතර හුවමාරු වූ විද්‍යුත් තැපැල් පණිවිඩ සහ විද්‍යුත් උපකරණ සම්බන්ධයෙන් වෝහාරික පරීක්ෂණ පවත්වන බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශන මන්දගාමීව සිදු කරන බවට චෝදනා කළ නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා, එසේ කරන්නේ සාක්ෂි විනාශ කිරීමට ඉඩ ලබා දීම සඳහා නම් ඉදිරියේදී පෞද්ගලික නඩුවක් ගොනු කිරීමට කටයුතු කරන බවටද අනතුරු ඇඟවීය.

8 Comments

  1. දැන් ගලේ paharapu බළල්ලුන් ට වෙච්චි දේ වෙලා.

    ReplyDelete
  2. Ebuddy logo eka 2010 ICT pelapoth walath thiyenawa

    Ekata kawuda waga kiyanne ???????

    https://m.youtube.com/watch?v=nZr87miJMQE&pp=ygURUmF2aW5kdSBpY3IgYnVkZHk%3D


    ReplyDelete
    Replies
    1. harako, ebuddy kiyannei www.buddy.net kiyannei dekak

      Delete
    2. puruddata kotanathuwa balapan doby

      Delete
    3. menna mahinda jayasinga cheeththa koba awilla, booruwo uba thaama e buddy saha buddy.net wenasa danne nethi , ola mottala malimawek da?

      Delete
  3. ☝️gon haraka thone thota sinhala be


    eBuddy (e-buddy.net/ebuddy.com) is a privately held Dutch software company founded by Paulo Taylor, Jan-Joost Rueb, and Onno Bakker.

    ReplyDelete
    Replies
    1. uba mahinda jayasingage lollada http?
      Buddy . net ekai Ebuddy ekai adunaganna beri? e-buddy.net kiyala ekak koheda pko thibbe? gay site lamainta deela dan akuru eheta meheta karala goda daannada hadanne para ballo. thota hena gahanawa. me aparade sadaraneekaranaya karana unge pawul pitin hedigewila yanawa.

      Delete
  4. අවුරුදු ගානක් කියපු බොරු මිනිස්සු විස්වාස කරා වගේ දැන් ජෙප්පො සහ උන්ගෙ ඩෝබියො හිතන්නෙ, buddy, ebuddy දෙක පටලෝල, මිනිස්සු රවට්ටන්න. ඒ තරමට අඩු තක්සේරුවක් මුන් දාල තියෙන්නෙ, ලන්කාවෙ මිනිස්සුන්ගෙ බුද්දි මට්ටමට. එක අතකින් සාදාරනයි, නැත්නම් මුන් වගේ ගොබ්බයො ටිකක් කොහොමද බලේට එන්නෙ.

    ReplyDelete
Previous Post Next Post