පොලිස් නිලධාරින් පිරිසකට පොලු මුගුරුවලින් පහර දේ.. OIC රෝහලේ..


මහඔය පොලිසියට අනුයුක්ත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා පහරකෑමකට ලක්ව රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. මෙම සිදුවීමට අදාළව පුද්ගලයන් තිදෙනෙකු මේ වන විට පොලිස් භාරයට ගෙන ඇත.

ජනවාරි 31 වනදා ගල්වලයාය ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ වැටලීමක් අතරතුර, පිරිසක් පැමිණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා පමුණුවමින් පොලුවලින් පහර දී තිබේ.

 ප්‍රහාරයෙන් දකුණු අතට තුවාල සිදු වූ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ප්‍රතිකාර සඳහා මහඔය රෝහලට ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට ගත් පිරිස පොල්ලෙබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අදාළ ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ ඔවුන් බීමතින් පසුවී ඇති බවට අනාවරණය වී තිබේ.

Previous Post Next Post