කැලණිය, වරාගොඩ ප්‍රදේශයේදී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට මාරක අවි පෙන්වා තර්ජනය කර රුපියල් ලක්ෂ 12ක් වටිනා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු මීරිගමදී අත්අඩංගුවට ගැනීමට කටාන පොලිසිය සමත්ව තිබේ.
පසුගිය 4 වනදා නාරම්මනිය ප්‍රදේශයේ පදිංචි මෙම විශ්‍රාමික නිලධාරියා වරාගොඩ පාරේ ව්‍යායාම සඳහා ඇවිදිමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම අපරාධය සිදුකර ඇත. එක් සැකකරුවෙකු කඩුවක් පෙන්වා තර්ජනය කිරීමේදී නිලධාරියා බිම ඇද වැටී ඇති අතර, එම අවස්ථාවේදී ඔහුගේ ගෙල බැඳි පෙන්ඩනය සහිත රන් මාලය පැහැරගෙන මොවුන් පළා ගොස් තිබේ. පෑලියගොඩ මූලස්ථාන පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලින් පසු ඊයේ (6) දින මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.
කටාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 සහ 34 යන වයස්වල පසුවන දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් වන අතර, ජා-ඇල, පමුණුගම සහ කටාන වැනි ප්‍රදේශවල සිදුවූ රන් මාල කොල්ලකෑම් 6කට පමණ මොවුන් සම්බන්ධ බව අනාවරණය වී ඇත.
අපරාධය සඳහා භාවිතා කළ යතුරුපැදිය සහ කඩුව පොලිස් භාරයට ගෙන තිබේ.
