නාමල්ගේ එයාබස් නඩුවට ප‍්‍රංශයෙන් ලොකු සාක්‍ෂිකාරියක් අලුත්කඩේ උසාවියට එයි..


 ප්‍රංශ ජාතික වෝහාරික ගිණුම්කරණ විශේෂඥවරියක, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති එයාර්බස් අල්ලස් නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

'ෆොරෙන්සික් රිස්ක් ඇලයන්ස්' (FRA) ආයතනයේ හවුල්කාරිනියක මෙන්ම එහි පැරිස් කාර්යාලයේ ප්‍රධානී ලෙස කටයුතු කරන යූස්ර් ඛලීල් (Yousr Khalil) මහත්මිය, මෙම ආන්දෝලනාත්මක නඩුවේ පැමිණිල්ල විසින් නම් කර ඇති ප්‍රධාන සාක්ෂිකරුවන් අතරට ඇතුළත් කර තිබේ.

අල්ලස් හා දූෂණ චෝදනා මධ්‍යයේ රටවල් කිහිපයක ගුවන් යානා ගනුදෙනු පිළිබඳව වසර හතරකට වැඩි කාලයක් පුරා එයාර්බස් සමාගම සම්බන්ධයෙන් සිදු කෙරුණු පුළුල් විමර්ශනයේදී ඛලීල් මහත්මිය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළාය.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට අනුව, අධිචෝදනා පත්‍රයේ නම් කර ඇති තවත් ප්‍රමුඛ සාක්ෂිකරුවෙකු වන එයාර්බස් සමාගමේ උප සභාපති කාල් හෙනසි (Karl Hennessee) මහතා සමඟ ඇය මෙලෙස සාක්ෂි දීම සඳහා පෙනී සිටීමට නියමිතය.

ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ එක්ව සිදු කළ එම එයාර්බස් විමර්ශනය මගින්, ගුවන් යානා අලෙවිය හා බැඳුණු නීතිවිරෝධී මූල්‍ය ගෙවීම් සිදු කෙරුණු ගෝලීය ජාලයක් අනාවරණය වූ බව පැමිණිලි පාර්ශ්වය පෙන්වා දී ඇත.

එම විමර්ශනයේ ශ්‍රී ලංකාවට අදාළ පාර්ශ්වය යොමු වී තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 2.3ක් පමණ වටිනා එයාර්බස් ගුවන් යානා 10ක් මිලදී ගැනීමේ යෝජිත ගනුදෙනුවක් කෙරෙහිය. එවකට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන මහතා මෙම ගනුදෙනුවට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 16ක අල්ලස් මුදලක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව විමර්ශකයින් චෝදනා කර තිබේ.

අධිචෝදනා පත්‍රයට අනුව, ගුවන් යානා ගනුදෙනුවට සම්බන්ධ බව කියන එම අල්ලස් සැලසුමෙන් උපයාගත් මුදල් ලබා ගත් බවට නාමල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී ඇත.





Key Witness in Airbus Bribery Case Set to Testify in Sri Lanka

International media reports indicate that Yousr Khalil, a French forensic accounting specialist, is expected to travel to Sri Lanka to provide evidence against opposition MP Namal Rajapaksa in an Airbus bribery case.

Khalil, who serves as a partner and head of the Paris office of the Forensic Risk Alliance (FRA), has been named as a primary witness in this high-profile investigation.

During a comprehensive four-year inquiry into allegations of corruption relating to aircraft deals involving multiple countries, Khalil played a pivotal role in examining the dealings of Airbus.

According to reports, she is scheduled to appear alongside another significant witness, Karl Hennessee, Vice President of Airbus. Both are expected to present crucial evidence regarding the case.

This investigation, conducted in collaboration with law enforcement agencies in France, the United Kingdom, and the United States, uncovered a global network of illicit financial transactions linked to aircraft sales, according to complainants.

The inquiry specifically targeting Sri Lanka was triggered by a proposal to acquire ten Airbus aircraft valued at approximately $2.3 billion. It has been alleged that Kapila Chandrasena, who was the CEO of SriLankan Airlines at the time, discussed a bribe of $16 million tied to this deal.

As outlined in the charges, Namal Rajapaksa faces accusations of having received funds generated from this alleged bribery scheme pertaining to the aircraft transaction.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post