තේ වත්තේ සැරි සරන සුනඛයන් දඩයම් කිරිම සදහා සිය මව සමග පැමිණි හදුන් දිවි පැටවෙකු සුනඛයන්ගෙන බේරිම සදහා රූස්ස ගසකට නැගී සිටන අයුරු බගවන්තලාව ප්‍රදේශයේ තේ වත්තක වැඩකරමින් සිටි වතු කම්කරුවෙකුගේ ජංගම දුරකථනයක (03) දින සටහන් වී තිබුණි.
හදුන්
දිවියා සුනඛයෙකු දඩයම් කිරිමට පැමිණි අවස්ථාවේ අසළ සිටි සුනඛයන් රැසක් එක් වී
හදුන් දිවියා සහ සිය පැටවා පලවා හැර ඇති අතර, සුනඛයන්ගෙන් බේරිම සදහා හදුන් දිවි
පැටවා අසළ තිබූ රුස්ස ගසක නැග දිවි බේරාගෙන ඇත.
සුනඛයන්
එම ස්ථානයෙන් බැහැරව ගිය පසු ගසින් බැසගත් හදුන් දිවි පැටවා සිය මව සමග තේ වත්තේ
ගමන් කල බවයි සිද්ධිය සියැසින් දුටු බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් කියා
සිටියේ.
- රංජිත් රාජපක්ෂ
