ඇමරිකා ඉරාන යුද්දයෙන් මෙරට ඉන්ධන පෝලිම්.. රට තුල ඉන්ධන තොග ප‍්‍රමාණය මෙන්න...

 


මෙරට පවතින ඉන්ධන තොග සහ දැනට ඇණවුම් කර ඇති ඉන්ධන නෞකාවල අන්තර්ගත ප්‍රමාණයන් සැලකූ විට, මාසයකට අධික කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන රට සතුව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පවතින සංචිත අනුව පැට්‍රල් දින 37 කට, ඔටෝ ඩීසල් දින 35 කට, ගුවන් යානා ඉන්ධන දින 47 කට ප්‍රමාණවත් තරම් තොග පවතින බවයි.

ඉරාන යුදමය වාතාවරණයත් සමඟ රටේ ඇතැම් ප්‍රදේශවල ජනතාව අනියත බියක් ඇතිකර ගනිමින් ඉන්ධන එක්රැස් කිරීමට පෙළඹී ඇති බවට වාර්තා වන බවත්, එලෙස අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බවත් සභාපතිවරයා අවධාරණය කළේය. 

රට තුළ ප්‍රමාණවත් ඉන්ධන සුරක්ෂිතතාවක් පවතින බැවින් සාමාන්‍ය පරිදි ඉන්ධන පරිභෝජනය කරන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

8 Comments

  1. තෝම්පච කප්පිත්තෝ වෙච්ච තොපිලගේ කතාව විශ්වාස කරන්න බෑ

    ReplyDelete
  2. කමක් නෑ නොකා නොබී හරි ගෝටාබය ❤මැතිතුමා කාදිනල්ගෙ මන දොල සපුරන්න හිරේ ගියානම් ඇති.

    ReplyDelete
  3. අපේ උන් මාස 4ක විතර තොග එක පාරින් ශොට් එක දෙනවනේ. මතකනේ ඉස්සර.

    ReplyDelete
  4. යෙකා අරි වැඩේ නේ අප්පා... ගොටට වෙච්චි දේම නේ !

    ReplyDelete
  5. ඔන්න ඕකයි සැලසුම්කරණය කියන්නෙ.
    නැතුව හෙට ඉඳන් අපි කාබනික කෘෂිකාර්මික රටක්.
    චීන ගූ නැවු විතරයි අපි කන්නෙ.
    අපි තමයි හොඳටම කරල තියෙන්නෙ වගෙ ගොන් පාට් නෙමේ.

    ReplyDelete
    Replies
    1. උන්ට පෝර ගෙන්න ගන්න සල්ලි නැති උනාම මහ එකා කිව්ව එක නේ බං.

      ඌ චීන ට දුක කිව්වම ඌ කිව්වලු..... ආ ගුන්ටාආආආආආ...
      උයා පේල් බිග් ටයිම්.... මරු ජනාධිපති ගොයියා...
      ඒත් උයා බයියාආආ වෙන්නිපා අපි ටොයිස් බොග නැවක් එවැන්නන් හොදේ කියලා.

      අන්තිමට කිව්වලු, හැබැයි නිකං නෙමේ, ගාණක් දීපන් කියලත්.

      Delete
    2. ඒක තමයි, හෙලිකොප්ටර් එකෙන් අනිකට පනින්න ගිහිල්ල තව පොඩ්ඩෙන් මහවැලි ගඟේ

      Delete
    3. සර් පැල් කියල මුලින්ම කිව්වා කියන්නෙ චීනෙක්ලු නෙව

      Delete
Previous Post Next Post