රන්වල අනතුරේ සපුගස්කන්ද ඉවතට.. සාමාන්‍ය රාජකාරිවලට..


සහකාර පොලිස් අධිකාරීවරුන් නව දෙනෙකුට සහ පොලිස් ස්ථානාධිපතිවරුන් දස දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව මෙම විශේෂ පොලිස් පණිවිඩය නිකුත් කර තිබේ.

මෙම ස්ථාන මාරුවීම් ලැබූවන් අතර හිටපු කතානායක අශෝක රන්වල මහතා සම්බන්ධ වූ රිය අනතුර පිළිබඳ විමර්ශන මෙහෙයවූ සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා ද ඇතුළත් වේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් එම වකවානුවේදී පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ද විමර්ශනයක් පවත්වා තිබුණි.

  • සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති: සාමාන්‍ය රාජකාරී සඳහා කුරුණෑගල කොට්ඨාසය වෙත මාරු කර ඇත.

  • නව සපුගස්කන්ද ස්ථානාධිපති: මීට පෙර වන්කාලේ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. . ජී. සී. එස්. ගුණවර්ධන මහතා පත් කර තිබේ.

  • සහකාර පොලිස් අධිකාරීවරුන්: මධ්‍යම අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ ඩබ්ලිව්. ටී. එස්. උදය කුමාර මහතා පොලිස් අභ්‍යාස විද්‍යාලය වෙත මාරු කර ඇති අතර, තවත් සහකාර පොලිස් අධිකාරීවරුන් අට දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

1 Comments

  1. කිසි මිනිහෙකුට වැඩක් කරන්න දෙන්නේ නෑ. මාරු...මාරු

    ReplyDelete
Previous Post Next Post