ඇමරිකා එක්සත් ජනපදය සහ ඉශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දැවැන්ත ඒකාබද්ධ හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙය "ප්‍රධාන යුද මෙහෙයුමක්" ලෙස හඳුන්වා දී ඇති අතර, ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කරන ලෙස ඔහු එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියි.
"ඔපරේෂන් මිඩ්නයිට් හැමර්" ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම මගින් ඉරානයේ ෆෝඩෝ , නටන්ස් සහ ඉස්ෆහන්යන ප්‍රදේශවල පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ඇති බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය. මීට අමතරව, ටෙහෙරාන් අගනුවර පිහිටි ඉරාන උත්තරීතර නායකයාගේ කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ද ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වේ. ප්‍රහාරයත් සමඟ ඉරානය පුරා අන්තර්ජාල සබඳතා සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටී ඇත.
මෙම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය ද කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේටය සහ කටාර් යන රටවල පිහිටි ඇමරිකානු ඉලක්ක වෙත මෙම මිසයිල එල්ල වී ඇත. බහරේනයේ පිහිටි ඇමරිකානු නාවික හමුදාවේ පස්වන බලඇණියේ මූලස්ථානයට ද මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බව තහවුරු වී තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරට පතිත වූ මිසයිල සුන්බුන් හේතුවෙන් ආසියානු ජාතිකයෙකු මියගොස් ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.
බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙම ප්‍රහාරයට සම්බන්ධ නොවූ බවත්, මැදපෙරදිග කලාපය පුරා පැතිර යන මහා පරිමාණ යුද්ධයක් දැකීමට තමන් අකමැති බවත්ය. මේ අතර, ඕමානය, කටාර් සහ සෞදි අරාබිය යන රටවල් මීට පෙර ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලා සිටියේ ඉරානයට ප්‍රහාර එල්ල නොකරන ලෙසයි.
පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් ගල්ෆ් කලාපය හරහා පියාසර කරන ගුවන් යානා වෙනත් මාර්ග වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු සහ ඉශ්‍රායල ප්‍රහාර හමුවේ තමන් "දරුණු ප්‍රතිප්‍රහාරයක්" එල්ල කරන බවයි

Operation Midnight Hammer was a 12-day conflict that took place from 11 June 2025 to 22 June 2025. 😀
ReplyDeleteඉක්මනට තෙල් ගහගනිල්ලා . ලෝක යුද්දේ පටන් ගත්තා
ReplyDeleteගහගන්න තෙල් ශෙඩ් වල තියෙයිද? දැනටමත් කිලෝමීටර් 3ක් විතර පෝලිම් හැමතැනම.
Deleteමුන් යුද්දෙ පටන් ගත්තෙ අපේ ආප්ප හරිනිගෙන් අහලද?
Delete