අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ලක් හේතුවෙන් කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ආචාර්ය නිහාල් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ද වන කථානායකවරයාට එරෙහිව කෙරෙන විමර්ශන සඳහා පහසුකම් සැලසීමට ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට විපක්ෂය නගන ඉල්ලීම් පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කළේ ද කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 18 දෙනෙකු ඇතුළු මන්ත්‍රීවරුන් 159 දෙනෙකුගෙන් සමන්විත ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරන ආචාර්ය අබේසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේ, මීට පෙර අල්ලස් කොමිසම මගින් විමර්ශනයට ලක් වූ යම් පුද්ගලයෙකු එම විමර්ශන සඳහා පහසුකම් සැලසීමට සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේද යන්නයි.
කථානායකවරයා සිය ධුරයේ රැඳී සිටීම විමර්ශනවලට බාධාවක් නොවන බවත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කිසිදු බාධාවකින් තොරව සිය විමර්ශන කටයුතු කරගෙන යා හැකි බවත් ඔහු අවධාරණය කළේය.

ඒ කාලේ හිටපු එවුන් වැරදි කරපු නිසානේ උඹලට දුන්නේ ඒ වැරදි නොකරනවා / හදාගන්නවා කියල පොරොන්දුවුන නිසානේ. දැන් උඔලත් උන් කරා කිය කිය ඒවම කරනවානම් කෝ සිස්ටම් චේන්ජ් එක? ලැජ්ජයි යකෝ ලැජ්ජයි. බොරුවට ආයුෂ නෑ..
ReplyDeleteJimpappe, Munge lajja nahare kapuwe ai
ReplyDeleteThen lets take up the case in another 5 years time please.
ReplyDeleteමුන් කතා කරන්නේ *uken.
ReplyDelete