කොත්මලේ ජල මටට්ම පහළට.. කඩදොර විහාරයේ නටඹුන් මතුවේ..

 


දිට්වා සුලි කුණාටුවෙන් පසු කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍රෙයන් පහළ බැසීමත් සමග ජලාශය ඉදි කිරිමේදි යට වූ කඩදොර විහාරස්ථානයේ නටඹුන් මතු විමට පටන්ගෙන ඇත.

එම විහාරස්ථානයේ බුදු පිළිමය ඇතුලු විහාරස්ථානයේ නටඹුන් මතු වීමත් සමග එම නටඹුන් දැක බලා ගැනීමට විශාල පිරිසක් දිනපතා කඩදොර විහාරස්ථානය අසළට පැමිණෙයි.

දිට්වා සුලි කුණාටුවෙන් පසු ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම පහළ බැසීමත් සමග ජලාශයේ රොන් මඩ සහ වැලි තම්පත් වී ඇති අයුරු අප කැමරාවේ සටහන් විය.

- රංජිත් රාජපක්ෂ              

3 Comments

  1. රිටිගල ජයසේනFebruary 6, 2026 at 2:40 AM

    2600 වෙනි සම්බුද්ධ ජයන්තිය සැමරීම සඳහා නිදහස් චතුරශ්‍රයේ සවිකල බෞද්ධ කොඩිය ගැලවූ අනුර කුමාර ආණ්ඩුව
    මකබෑවෙලා සුන්නත් දූවිලි වෙලාම පල!

    ReplyDelete
    Replies
    1. බෞද්ධයෙක් විදියට කොච්චර අකමැති උනත් සාප කරන එක නම් යුතු නෑ...

      Delete
    2. රිටිගල ජයසේනFebruary 6, 2026 at 4:12 AM

      සාප නොකර මේ ජඩ ආණ්ඩුවට ඕනෑ ඕනෑ විදිහට මේ දුෂ්ඨ සාපරාදී වැඩ කරන්ඩ ඉඩදීල බලාගන හිටියොත් සම්බුද්ධ සාශනය ඉතුරු වෙන්නෙත් නෑ. සිංහලයින්ට රටක් ඉතුරු වෙන්නෙත් නෑ.

      Delete
Previous Post Next Post