සලෙයි මාස තුනකට රැදවුම් නියෝගයක්..

 


පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට අදාළව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගෙන් දින 90 ක කාලයක් රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමිව තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පුළුල් විමර්ශනවලට අදාළව ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා මෙම රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

පසුගිය 25 වනදා පෙරවරුවේ පෑලියගොඩ ප්‍රදේශයේදී CID විශේෂ කණ්ඩායමක් විසින් සලේ මහතා අත්අඩංගුවට ගන්නා ලදී. 

විමර්ශනවල තීරණාත්මක හැරවුමක්

පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ සලේ මහතා, මීට පෙර යුද හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස ද දීර්ඝ කාලයක් සේවය කළ අයෙකි.

9 Comments

  1. මේ සැරේ අප්‍රියෙල් පාස්කු දිනය ඉවරවෙනකම් රඳවගන ඉඳල මිනිස්සුන්ට පාස්කු ප්‍රහාරය අමතක වුනාට පස්සෙ ඇසින් දුටු සාක්කි නැහැයි කියල නිදහස් කරයි.

    ReplyDelete
  2. ශනි කොහොමද මෙයාව විමර්ශනය කරන්නේ... රන්ජන්ගේ ලබ්බ ලෙව කාපු කෝල් තියෙද්දී... ලජ්ජා නැද්ද හලෝ ... කොල්ලෝ දාගෙන ෆිල්ම් හදාගෙන ලංකාවේ 007 කියලා තමන්ම හදාගෙන... මේවගේ බලු වැඩ කරන්න... නොදකින තොපි වගේ කාකන්නි ... මහා ලොකු වැඩකාරයා ඉංග්‍රීසි වාක්‍යයක් කියවගන්න බෑ .. තමන්ගේ පම්පෝරිය ගහගෙන රට වනසනවා...

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසියෙන් රට හොරා කන එක මරු නේ

      Delete
    2. කවුද අප්පා ඉංග්‍රීසියෙන් හොරා කන්නෙ ආයෙමත් සුද්දො ඇවිල්ලද අපේ වටිනා සම්පත් හොරාකාගන යන්ඩ?

      Delete
  3. හරියට කියන්න.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක‍ රැඳවුම් නියෝග. මෙන්න රාජපක්සල යුද වීරයින් ට උරුම කරපු දායාද.

    වලටත් හෙණ තමයි ඉතිං

    ReplyDelete
    Replies
    1. දින 90 ක‍ රැඳවුම් නියෝග දුන්නේ රාජපක්ෂලාද කොටාද?

      Delete
    2. පොඩ්ඩක් වැරදුනානේද ආයුබෝවන්? යුධ විරුවො නෙමේ දිට්ටා සෙබලු කියපන්. කොටාට එහෙම ඇහුනොත් යුධ විරුවො කියන එක ඌ
      භූමිතෙල් ගෑවුන ගැරඬියා වගේ කුලප්පුවෙලා මෙතන ඩෙඟා නටන්ඩ පටන් ගනියි.

      Delete
  4. දින 90 ක‍ රැඳවුම් නියෝග දුන්නේ රාජපක්ෂලාද කොටාද?

    ඕක දුන්න එකාටයි උගෙ පුංචම්මටයි නේද හෙණ වදින්ඩ ඕනෙ?

    ReplyDelete
    Replies
    1. හැක හැකFebruary 28, 2026 at 3:45 AM

      පුංචම්මට හෙණ වදිනවනම් ලපතුමා කැමතිවෙයි, එතකොට අර ප්‍රමිශ්කා කියන නලඟනව භුක්තියටම සවිකර ගන්ඩ පුලුවන්නෙ.

      Delete
Previous Post Next Post